( ගම්පහ තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ  අද  (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 52ක් වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 දෙනෙකු හමුව ඇති අතර එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව සීදූව - 40 ක්, බියගම  - 31 ක්, වත්තල  - 27 ක්,  ජාඇල  - 22 ක්,  කටාන  - 21 ක්, අත්තනගල්ල  - 19 ක්,  මිනුවන්ගොඩ සහ ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න - 14 දෙනෙකු බැගින්,  කැලණිය සහ මීගමුව කොට්ඨාසයන්ගෙන්  - 13 දෙනෙකු බැගින්,  දොම්පෙ  - 12 ක්,  මීරිගම  - 5 ක්,  රාගම  - 3 ක් සහ දිවුලපිටිය එක් අයෙකු වශයෙන් වාර්තා  වී ඇත. 

ගතවූ පැය 24  ක කාලය තුල ආසාදිතයින් 206 දෙනෙකු  දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් කොරෝනා බවට සැක කෙරෙන 56 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,541 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.