( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පන්නල ඇළබඩගම පදිංචි 78 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරුවී තිබේ.
ආසාදිත කාන්තාවගේ පුතෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවය කරන අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහුගෙන් මවට ආසාදනය වන්නට ඇතැයි සැක කෙරේ.
මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැක කරන පුද්ගලයන් 20 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔවුන් අතරින් මේවනවිට පුද්ගලයන් පස්දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට හඳුනාගෙන ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්මාන්ත ශාලාවේ වගකීමක් නැති වැඩ නිසා විඳවන්නේ අහිංසක අම්මලා. මේ සිදුවීම පුංචි වැඩපලක වුණානම් අයිතිකාරයා මේ වෙනකොට හිරේ. කෝ නීතියේ සාධාරණත්වය?.