IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකරන්නැයි වෛද්‍යවරු ඉල්ලති

 

(හර්ෂණ තුෂාර සිල්වා)

‘කොවිඩ්-19’ අවදානම කෙරෙහි අවධානය ඒකාකාරීව තබා ගනිමින් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (1) පැවැසීය. සමාජයේ අහඹු නියැඳි තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ද දිනකට කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්නැයි ද හෙතෙම කීය.

විශේෂයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවලින් අහඹු නියැඳි තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ද ඔහු කීවේය.

සමාජයෙන් අහඹු නියැඳි තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයිද සඳහන් කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලින් වාර්තා කැඳවා සත්‍ය විමසා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

ඒ අනුව සමාජයෙන් අහඹු නියැඳි තෝරාගෙන දැනට කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය, ඉදිරියේදී කිරීමට අපේක්ෂිත ප්‍රමාණය සහ ඉදිරි මාස කිහිපය සඳහා සැලසුම් මොනවාද යන්න විමසා බලන්නැයි ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු කීවේය.

වයිරසය සාර්ථකව මැඩ පැවැත්වීමට නම් ආවේක්ෂණය සහ ආශ්‍රිතයන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව කළ යුතු බව ද ඔහු කීය.

ඒ අනුව වයිරස ආසාදිතයන් හඳුනාගැනීම, ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම යන ක්‍රියාවලිය සාර්ථකව කළ යුතු බවත් එපමණක් නොව දෛනිකව කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නංවා එක මට්ටමක පවත්වා ගත යුතු බවත් ඔහු කීවේය.

දිනකට කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය අඩු වැඩි වුවහොත් වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට නොහැකි වන බව ද හෙතෙම පැවැසීය.

ඒ අතරම වයිරස ආසාදිතයන් හඳුනාගන්නා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂා (රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්) ද ආරම්භ කළ යුතු යැයි ඔහු තවදුරටත් කීය.



අදහස් (4)

පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකරන්නැයි වෛද්‍යවරු ඉල්ලති

නුවන් Sunday, 01 November 2020 11:56 AM

ඔබ වෘත්තිය සංගමයේ අදහස්‍, යෝජනා ගැන මාධ්‍ය සාකච්ඡා තබමින් සැබැවින්ම බලාපොරොත්තු වන්නේ කුමක්ද? කරුණාකර කෝවිඩ් 19 මර්ධන බලකායට එක්වන්න. නිර්ව්‍යාජ ලෙස ක්‍රියා කරන්න. මුලින්ම වසංගත රෝග සම්බන්ධ විශේෂිත වෛද්‍යවරුන් හා එක්වන්න. ඔබ අදහස් ඔවුන්ට පවසන්න. එයයි විය යුත්තේ...

:       0       8

chandima Sunday, 01 November 2020 08:51 PM

ඔය ටෙස්ට් එක කරන රටවල් වලත් ලක්ෂ ගණනින් රෝගීන් වැඩිවෙමින් පවතිනවා. තවම ඛෙහෙතක් නැතුව රටෙ මුදල් විදේශ සමාගමක ටෙස්ට් කිට් එකකට ගෙවලා රට බංකොළොත් කරන එකේ ඇති පලයක් තියෙනවද? ලෙඩෙ තියෙන බව දැනගෙන හැදුණත්, නොදැන හැදුණත් ඇදකට වෙලා නිදාගන්නවා ඇරෙන්න වෙන කළ හැකි දෙයක් නැහැ. චැනලින් නැති එකේ කොහෙන් හරි ගාණක් අතට එන වැඩක් වගේ..

:       0       0

JAYATH Monday, 02 November 2020 05:15 AM

මේ සංගමයට මමත් පුද්ගලිකව අකමැතියි. මොකද මොවුන් දේශපාලන න්‍යායපත්‍ර වලට වැඩ කරන අය හින්දා. නමුත් මේ ප්‍රශ්නෙදි ඔව්න් නගන තර්කයේ සාධාරන පදනමක් තියනවා - විද්‍යාත්මකව බැලුවම

:       0       2

siri Monday, 02 November 2020 03:52 PM

අවශ්‍ය නැහැ. ඕවා මේ කාලේ කරන බොරු වැඩ. ජපකරපු වතුර මුට්ටිය පිටින්ම ඔලුවේ හලාගත්තානම් වැඩේ ගොඩ. ගංගාවල් හොයාගෙන යන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site