(රංජිත් රාජපක්ෂ )

නුවරඑලිය නගරයේ  පිහිටි ළමා නිවාසයක සිටින ළමුන් 37 දෙනෙකුට සහ එම ළමා නිවාසේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු ඇතුළු 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (05) දින තහවුරු වු බව නුවරඑලිය සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

එම ළමා නිවසයේ ළමුන් 08 දෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වයිරසය අසාදනය විම නිසා එම ළමා නිවාසයේ ආශ්‍රිත ළමුන් 40 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව නව අසාදිතයන් හමු වු බවයි එම නිලධාරියා කියා සිටියේ.

අසාදිත ළමුන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරින් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවත්, ළමා නිවාසය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පැවසිය.