IMG-LOGO

නිරෝධායනය නොවී සැඟව සිටි අයෙක් අත්අඩංගුවට

(එස්. ඩි.කොඩිකාර )

ඩුබායි සිට පැමිණ, සෞඛ්‍ය උපදෙස් නොතකා,  කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සැඟව සිටි  පුද්ගලයකු  දින 16 කට පසුව අද (01) සොයා ගත් බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක  බව දෙනියාය මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. එස් . වසන්ත කුමාර මහතා පැවසීය.

මෙසේ නිරෝධානයට  ලක් නොවී සැඟව සිට ඇත්තේ පල්ලෙගම ,දොඩබෙතොට ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි පුද්ගලයෙකු බව කියැවේ.

මොහු ඩුබායි සිට පැමිණ දින 16 ක කාලයක් තම නිවසේ ගත කර ඇති බවත් තමන් විදේශ රටක සිට පැමිනීම සම්බන්ධයෙන්  සෞඛ්‍ය අංශ දැනුවත් නොකළ බවත්  සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

පසුව අසල්වාසීගෙන් මෙම පුද්ගලයා ගැන ලැබුණු තොරතුරක් මත සෞඛ්‍ය බලධාරීන් ඔහුගේ නිවසට ගොස් ඔහුට තරයේ අවවාද කර ඉදිරි දිනයකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය පවසයි .



අදහස් (7)

නිරෝධායනය නොවී සැඟව සිටි අයෙක් අත්අඩංගුවට

sanath Wednesday, 01 April 2020 02:51 PM

කොරෝනා ටෙස්ට් එක කරලා බලන්න වෙයි.

:       0       5

Sanga Wednesday, 01 April 2020 02:57 PM

මුස්ලිම් ද? සිංහල ද? දෙමළ ද?

:       9       71

nisa Wednesday, 01 April 2020 04:13 PM

ලෙඩකුත් නැත්නම් දවස් 16කුත් ගිහින් නම් අහවල් දෙයකටද නඩු දාන්නේ...?

:       135       2

kapila Wednesday, 01 April 2020 05:39 PM

තරයේ අවවාද කිරීමද දෙනවා කියපු දැඩි දඬුවම. අනේ ශ්‍රී ලංකාවේ නීතිය?.

:       7       124

Kapilasena Thursday, 02 April 2020 02:45 AM

නම කිව්වේ නැහැනේ.

:       0       0

de silva Thursday, 02 April 2020 02:53 AM

පසුගිය සති කිහිපයේ ලංකාවට පැමිණෙන කොට, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කරනලද විශේෂ කාර්යාලයක් මගින් සියලුම මගීන්ගේ උන බලල , ඔවුන්ගේ විස්තර ( නම , වයස , දුරකථන අංකය , පැමිණෙන රට , ගුවන් යානයේ නොම්මරය , ආසන නොම්මරය) ලබාගෙන සටහන් කරනවා , මෙම දත්ත ඔවුන් අදාල පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට දෙන්න ඕනේ , ඔවුන් පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සහ කොට්ටාශයේ ග්‍රාමසේවක වරු හරහා පුද්ගලයා පිලිබඳ විමසිල්ලෙන් සිටිය යුතුය , නමුත් මේ කාර්යය පසුගිය කාලයේ සිදු නොවුනි.

:       0       2

Bamunuarachchi Friday, 03 April 2020 04:09 AM

සැඟ වෙන්නේ කොහොමද? පාස් පෝට් එකේ සීල් එක ගහලා කෙලින්ම නිරෝධානයට යොමු කරන්න. වැඩේ සිම්පල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site