IMG-LOGO

නාත්තන්ඩියේ 42 ක් ස්වයං නිරෝධායනයට

 

(ලලිත් නවරත්න)

 

හලාවත නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තරුණියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව ප්‍රදේශයේ තවත් ග්‍රාම සේවා කොට්ඨාස 4ට අයත් 42 දෙනෙකු ස්වයං නිරෝධායනය කළ බව නාත්තන්ඩිය කොට්ඨාස සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී උපුල් ජයතිලක මහතා පවසයි.

කොරෝනා වයිරසය ආසාදනය වී ඇති 26 හැවිරිදි තරුණිය කන්දකාඩුහි පිහිටි මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් සඳහා වූ පුනරුත්පානය කිරීමේ මධ්‍යස්ථානයේ උපදේශිකාවක් වශයෙන් සේවය කර තිබේ.

ඇය නිවාඩුවක් සඳහා එහි සිට පොදු ප්‍රවාහන සේවා ඔස්සේ කුරුණෑගල සිට හලාවත,මාරවිල, හරහා පදිංචි කොට්ටරාමුල්ල පිහිටි තම නිවසට පැමිණ ඇත.

ඇයගේ පැමිණීමෙන් පසවු ඇය ඇසුරු කළ සහ අවශ්‍යතා සඳහා ගිය නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන පිහිටි කොස්වත්ත, කොට්ටරාමුල්ල,  කලුගල්ලෑව, තුන්මෝදර යන ග්‍රාමසේවා ප්‍රදේශවල 42 දෙනෙකු මේවනවිට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

ආසාදිත තරුණිය අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඊයේ දිනයේදීම අයි. ඩී. එච් රෝහලට ඇතුළත් කර ඇති අතර  නිවසේ වාසය කළ ඇයගේ මවගේ සහ පියාගේ ජෛව සාම්පල පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති.

ඒවායේ ප්‍රතිඵල අද (10) පස්වරුවේ ලැබීමට නියමිත බව සෞඛ්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. මෙම අවදානම් අවස්ථාවේ සියලු ප්‍රදේශවාසීන් උපදෙස් දී ඇති පරිදි නියමිත සෞඛ්‍ය පුරුදු නීතිරීති පිළිපදිමින් අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැරට නොයා වගකීමකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

එලෙසම නීතිය කඩකරන්නාවු පුද්ගලයන් සඳහා නිසි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසටද පොලීසියෙන් ඉල්ලා සිටී.

 



අදහස් (0)

නාත්තන්ඩියේ 42 ක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site