(චමිල් රූපසිංහ)
ශ්‍රී ලංකාව තුල මේ වන විට පැතිරී යමින් පවතින කොවිඩ් 19 වයිරසය හේතුවෙන්, ශ්‍රී දළඳා මාළිගාවට පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ හැඳුනුම්පත් අනිවාර්‍ය කර ඇති බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (24) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේවල වෙසෙන පිරිස් හා ඒ අයගේ ආශිතයන් ශ්‍රී දළඳා භුමියට ඇතුලුවීම තාවකාලිකව නවතා ඇති බව එම මාධ්‍ය නිවේදනයේ සදහන්ය.
චිරාගත සම්ප්‍රදායකව පැවතගෙන එන දළඳා පූජෝපහාර, තේවා වත් පිළිවෙත් කඩ නොකර පවත්වාගෙන යෑම පිනිසත් පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ ආරක්ෂාව උදෙසාත් මෙම ක්‍රියා මාර්ගය ගත් බව නිවේදනයේ සඳහන් වේ.
දළඳා මාළිගා පරිශ්‍රයට ඇතුල්වන සියලුම සැදැහැවතුන් මුව ආවරණ පළඳා දෑත් සෝදා , ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ආදි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එම භූමියට ඇතුළත් කරගන්නා බවද එහි දැක්වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන්ට හැඳුනුම්පත අනිවාර්යයි
විජේ Saturday, 24 October 2020 11:50 AM
එක්කො මේවා වහලා දාන්න ඕනේ.., මොන මෝඩ වැඩක්ද මේ කරන්නෙ....?
vikum Saturday, 24 October 2020 12:37 PM
මම හිතන්නේ හැදුනුම්පතෙන් දැන් කොරොනා බලන නිසා වෙන්ඩ ඇති, දැන් මිනිස්සු උන්නත් එකයි නැතත් එකයි, 20 සම්මතයිනේ.
ලුම්බිණි Sunday, 25 October 2020 12:12 AM
මේ අවස්ථාවේ කල යුතු හොඳම දේ මහජනතාවට මාලිගාවට ඇතුල් වීමට ඉඩ නොදෙන එක නේද? නේද නිලමේතුමා?