ඉන්දිකා රාමනායක
ඇදිරි නීතිය ඉවත් කර ඇති කාලය තුළ දිස්ත්‍රික් මායිම් හරහා නොයෙන ලෙසට පොලිස් මුලස්ථානය ජනතාවගේ ඉල්ලා සිටියි. මෙම කාලය තුළ සෑම දිස්ත්‍රික් මායිම් හරහාම ගමන් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මාර්ග බාධක යොදා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
දිස්ත්‍රික් මායිම් හරහා පෞද්ගලික ගමන් බිමන් යන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සදහන් කළේය.
ඇදිරි නීතිය ඉවත් කර ඇති කාලය තුළ ඒ සම්බන්ධයෙන් මහජනයාගේ ප‍්‍රතිචාර නිරීක්ෂණය කරමින් සිටින බවත් මේ සදහා ජනතාව ලබා දෙන සහය අනුව ඇදිරි නීතිය ඉවත් කරනවා ද නැත හොත් පවත්වාගෙන යනවාද යන්න මෙම නිරීක්ෂණ අනුව ඉදිරියේ සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට රටේ බහුතරයක් සහය දුන්නට නොදෙන සෑහෙන කොටසකුත් ඉන්නවා ඊයේ දැක්ක නේද සමහර බවලත් උදවිය ළමයිනුත් කරපින්නාගෙන බස්වල තෙරපුනා. සමහරු මීටරයක් දුරින් අරක්කු පෝලිමේ තවත් සමහරු රෙදි කඩ වල මේවා අත්‍යාවශ්‍යම දේවල් නෙවි නේද ? මම දැකපු විදියට 90% ක් ගියේ අත්‍යාවශය ගමන් නෙමි මේකට මොකක් හරි වැඩපිළිවෙලක් අවශ්‍යයි