
(ටෝනි කරුණානායක)
දිවුලපිටිය දිසා රෝහල කොවිඩි-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම් කර දින 04 ක් වූ අද දිනය (23) වන විට ප්‍රතිකාර සදහා ආසාදිතයන් 100 දෙනෙකු ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝහලේ නවිකරණය කල වාට්ටු 03 ක ඇදන් 100 ක් ස්ථාපිත කර රෝගින් 100 ට නවාතැන් පහසුකම් ලබා දී ඇති බවත් තවදුරටත් රෝගින් ඇතුළත් කර නොගන්නා බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කලේය .
රෝහලට ඇතුළත් කර ඇති ආසාදිත රෝගින් මිනුවන්ගොඩ, මාරවිල, බෙන්තොට, ගාල්ල, මාතර, කුලියාපිටිය, වේයන්ගොඩ, දංකොටුව, ජාඇල, කොටිකාවත්ත, ගොරකාන, කරන්දෙණිය, ආඩිඅම්බලම, රත්නපුර, කඩුගන්නාව සහ කටුනායක ඇතුළු ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd