(සමන් පාලිත නානායක්කාර)
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කළ 51 දෙනෙකු අද (15) නිවෙස් බලා පිටත් වූ බව යුද හමුදාව කියයි.
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ ලටෙක් ඉංජිනේරු කාර්මික මධ්‍යස්ථානයේ සිටි 8 දෙනෙකු සහ පළමුවන ගැමුණු හේවා බලඇණි මධ්‍යස්ථානයේ සිටි 43 දෙනෙකු ද මෙසේ ගම්බිම් බලා පිටත්ව ගියහ.
මෙම පුද්ගලයින් 51 දෙනා සම්බන්ධයෙන් කළ පී. සී. ආර්. පරීක්ෂණයෙන් පසුව කොරෝනා වයිරසය ආසාදිත වී නොමැති බවට ලබාගත් වෛද්‍ය වාර්තා අනුව නිරෝධායන කටයුතු අවසන් කර තිබේ.
ගාල්ල ,කරාපිටිය, අකුරුස්ස, අකුරණ සහ නුවර ප්‍රදේශවල පුද්ගලයින් මෙසේ පිටත්ව ගිය බව ද යුද හමුදාව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd