(එස්.ඩී. කොඩිකාර)
රටේ පැතිර යන කොරෝනා වයිරසය හේතුවෙන් දෙනියාය මූලික රෝහලේ කාර්ය මණ්ඩල නේවාසිකව සිටි ඇතැම් පෞද්ගලික කුලී නිවාස හිමිකරුවන් ඔවුන්ට තවදුරටත් එම ස්ථානවල රැඳී සිටීමට ඉඩ කඩ ලබාදීමට අකමැත්ත පළකර සිටි හෙයින් එම කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා අද (23) පැවසීය.
විශේෂයෙන් මේ හේතුවෙන් එයට විසඳුමක් ලෙස තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහ කොටපොළ ප්‍රාදේශීය ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ මැදිහත්වීම මත දෙනියාය තේ පර්යේෂණායතනය සහ රාජ්‍ය පරිපාලනයට අයත් සංචාරක නිකේතන දෙක එම කාර්ය මණ්ඩලය සඳහා වෙන් කර දුන් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දෙනියාය රෝහලේ කාර්ය මණ්ඩලය නේවාසික ස්ථානවලින් එළවාදමති
Palitha Monday, 23 March 2020 12:06 PM
මේ වගේ අයගෙන් කිසිම දවසක කිසිම කෙනෙක් කාමර කුලියට ගන්න එපා.
kusuma Monday, 23 March 2020 12:25 PM
මමත් ගෙදර හිටියා ඉස්පිරිතාලේ වැඩ කරපු ඔක්කොම එලෙව්වා, අපිට කොරෝනා හදාගන්න බැහැනේ....
කුමාරMonday, 23 March 2020 01:19 PM
කුසුමො අපි යාළුවෙලා හිටපු කාලෙත් ඔයා ඔයවගේ ඔලමොට්ටල තීරණ ගත් නිසා තමයි මම ඔයා ගැන කල කිරිල වෙනත් අතක් බලාගත්තෙ. දෙනියායෙ රෝහලේ කොරෝනා රෝගීන් නැත්නම් මොකටද කුසුමො ඔය වගේ වැඩ කරන්නේ....?
PrabaMonday, 23 March 2020 01:25 PM
එතකොට ඔබතුමිය ලෙඩ වුනොත්?
CoronaMonday, 23 March 2020 02:06 PM
ඔයාට හැදෙන්න ඕනි. එතකොට තේරේවි ඔවුන්ගේ අගය...
ramaMonday, 23 March 2020 02:10 PM
එහෙනම් කොරෝනා හැදුණාම එන්නත් එපා ඉස්පිරිතාලවලට ගෙදරට වෙලාම ඉන්න...
lalithm Monday, 23 March 2020 02:32 PM
එතකොට ඇත්තටම රෝහල් ගත වෙන ලෙඩක් හැදුනොත්.... කාලකන්නි. බය බව ඇත්ත. රජයෙන් මොකුත් ක්‍රමවේදයක් මේ සඳහා අත්‍යවශ්‍යයි. රෝහල් සේවකයින් විශේෂයි. සමහර සාමාන්‍ය රැකියාවල අයත්, බැංකු සේවකයිනුත් අයින් කරපු තැන් තියෙනවා. සල්ලි අතගානවා කියලා. එ්ත් කරුමේ, සමහර මෝඩයෝ මේවා ගැන තැකීමක් නැහැ... ඔහේ පවුල් පිටින් බැංකුවලට, සුපර් මාකට්වලට බඩගානවා...
සිසිල් Monday, 23 March 2020 04:15 PM
අනිච්ඡා වත සංඛාරා මීනිසා මීනිසා නසයි...