සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අද (15 වැනිදා) පස්වරු 1.00 ට නිකුත් කරන ලද දත්ත අනුව කොවිඩ් -19 වයිරසය වැළඳී සිටි තවත් රෝගීහු 32 දෙනෙක් සුවය ලබා පිටත්ව ගියහ. ඊයේ (14 වැනිදා) කොවිඩ් -19 වයිරසය වැළඳී සිටි රෝගීහු 63 දෙනෙක් සුවය ලබා පිටත්ව ගියහ.
මේ අනුව දින දෙකක් තුළ රෝගීන් 95 දෙනකු සුවය ලබා පිටත්ව යාම හේතුවෙන් මෙම වයිරසය ආසාදිත වීම නිසා සුවය ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යව 524 සිට 439 දක්වා අඩුවී තිබේ. ඊයේ සහ අද දිනවල අලුතෙන් හමුවූ රෝගීන් සංඛ්‍යාව 10 කි.
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 925 ක් වන අතර මේ වන විට ඔවුන්ගෙන් 477 දෙනෙක් සුවය ලබා සිය නිවෙස් බලා පිටත්ව ගොස් සිටිති. මියගොස් ඇත්තේ රෝගීන් 9 ක් පමණි.

මෙහි නිල් පැහැයෙන් දැක්වෙන්නේ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාවයි.
ලා කොළ පැහැයෙන් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව දැක්වේ.
කහ-දුඹුරු පැහැයෙන් සුව වූ පිරිස දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුදෙනා ඉක්මනින් සුවවේවා...!!!