(ජේ.කේ.එල්. චාමින්ද)
දකුණු පළාතේ පුද්ගලයින් 2600 දෙනෙකු පමණ මේ වනවිට ස්වයං නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
දකුණු පළාත තුල තවත් පුද්ගලයින් 2400 ක් පමණ සිය නිවෙස්වලට වී ස්වයං නිරෝධායනය වෙමින් සිටින බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා මෙසේද පැවසීය.
‘‘නිරෝධායන මධ්‍යස්ථානවලින් එන පිරිසද නිවෙස්වල දින 14 ක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට එක්වෙමින් සිටිනවා. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තාක්ෂණික අධික්ෂණ කටයුතු කරනවා.මේ සඳහා පොලිසියේ හා බුද්ධි අංශවල සහයෝගය ලබා ගන්නවා.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිනපතා ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින් අධීක්ෂණය කරන බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දකුණේ 2600 ක ස්වයං නිරෝධායනය අවසන්