(ඩයනා උදයංගනී සහ එම්.කේ නන්දසේන)
කොවිඩ් ආසාදිතව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි ගැබිනි මවක් අද (16) මියගොස් ඇත.
එය මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත සිව්වන ගැබිනි කාන්තා මරණය වේ. තිස්සමහාරාම, ශ්‍රී ජිනරතන මාවතේ පදිංචිව සිටි මුතුකුඩ ආරච්චිගේ නිරෝෂි නැමති 35 හැවිරදි තිදරු මවක් මෙසේ මියගොස් ඇත.
ඇයගේ කුසේ සිටි මාස 8ක් වන බිළිඳිය ද මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පැවසුවේ මෙම ගැබිණි කාන්තාවටත් ඉකුත් 5 වනදා උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා දෙබරවැව රෝහලට ඇතුළත් වී ඇති බවත්, එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බවත්ය.
ඉන්පසු ඇයව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇතැයි ද ඔහු පැවසීය. ඇගේ සැමියා ද කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර සඳහා අම්බලන්තොට රෝහලටත් ඇතුළත් කර තිබේ.
මෙම ගැබිනි කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් 12 දෙනෙක් අප්‍රේල් 29 වැනිදා මහරගම ප්‍රදේශයේ පැවැති දැරියකගේ වැඩිවිය පැමිණීමේ සාදයකට සහභාගී වී ඇති අතර පසුව එයට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගැබිනි මවට එහිදී ඇයට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි. ඇයට තවත් දියණියන් තිදෙනකු සිටී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තවත් ගැබිණි මවක් කොරෝනාවට බිලි
DD Sunday, 16 May 2021 03:06 PM
මේ කාලයේ පාටිවලට යනවද?
ranjith Sunday, 16 May 2021 04:20 PM
පිටරට ඉඳන් මේ වයිරසය මේ අම්මාට ගෙනැත් දෙන්න දායක වූ පවුකාරයින් රැසක් ඇති.
මෝ Monday, 17 May 2021 12:12 AM
මේ අම්මා සහභාගි වෙලා තියෙන්නෙ අවශ් යදේකටද? කොරෝනාවට ගරු නොකරන හැමකෙනෙක්ම කොරෝනාව බිලිගන්නවා. ඒ නිසා ගෙදරටම වී සිටින්න. නොගිහින් බැරිමනං පමනක් එලියට බසින්න. සෞඛ්‍ය නීති අකුරටම පිලිපදිමින්.