
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 16දෙනෙකු සුවය ලබා අද(12) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2638කි. තවදුරටත් රෝහල්වල රැඳී සිටිමින් ප්‍රතිකාර ලබන පිරිස 231දක්වා පහළ බැස තිබේ.
සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 5ක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 5ක්ද, ඉරණවිල රෝහලෙන් 5ක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් 5ක්ද වෙති.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් සංඛ්‍යාව 49කි.
ශ්‍රී ලංකාවේ මේවනවිට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2880ක් වන අතර මේ වනවිට 11දෙනෙකු මියගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සෞඛ්‍ය ඇමතිණියට පින් සිද්ධ වෙන්න ඕනෑ අපේ රටේ සෞඛ්‍ය සේවය මෙලෙස නගා සිටුවීම ගැන... අප රටේ වෛද්‍යවරු සමග ඉතාම සහයෝගයෙන් කටයුතු කරන්නේ... මෙතුමිය තුළ තිබෙන සහජ දක්ෂතාවය නිසයි. ගරු ඇමතිතුමියට මාගේ ගෞරව ආචාරය!!