(පී ශාන්ත බණ්ඩාර)
කෑගල්ල තුල්හිරිය ප්‍රධාන කර්මාන්ත ශාලාවකට අයත් ඵක් අංශයකින් කොරෝනා ආසාදිතයන් 398 හඳුනාගත් බව හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.
සේවකයන් 2000 ක් දින දෙකකට පෙර පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කර ඇති අතර එම පිරිස අතරිනි මෙම ආසාදිතයන් 398 කට කොරෝනා වෛරසය ආසාදිතයින් ඇති බවට වාර්තා වී ඇති අතර ඉදිරි පරීක්ෂණ වල වාර්තා පැමිණෙන විට මෙම තත්වය තවත් ඉහල යනු ඇතැයි සෞඛ්‍ය සේවා අංශ පවසන අතර වරකාපොළ ප්‍රදේශීය ලේකම් සුජීව රංගන මහතා සනාථ කරයි.
මෙම කර්මාන්ත ශාලාවේ ආපන ශාලාවේ සේවය කල සේවකයකු කෝරෝනා ආසාදිත වී මරණයට පත් වී ඇති අතර කර්මාන්ත ශාලාව වසා දැමීම ට සෞඛ්‍ය සේවා අංශ කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ ඇඟලුම් කම්හල් සියල්ල වසා දමන්න. මේවා නිසා දිනකට 300-700 කොරෝනා බෝ වෙනවා.