IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


තලවිල මංගල්‍ය බැතිමතුන්ට සීමා කරයි

 

(පද්මා කුමාරී කංකානම්ගේ )

කතෝලික බැතිමතුන්ගේ නොමද ගරු බුහුමනට ලක්වන, ශ්‍රී ලංකාවේ ප්‍රකට කතෝලික දේවස්ථානයක් වන තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවර සීමිත බැතිමතුන් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව ශාන්ත ආනා දේවස්ථානයේ මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමා නිවේදනය කර සිටියි.

දැනට රටේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය පදනම් කර ගනිමින් සෞඛ්‍ය අංශවල නිදේශයන්ට ගරු කිරීමක්  වශයෙන් මෙම තීරණය ගත් බව පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

ඒ අනුව සාම්ප්‍රදායික කොඩි ගස එසවීම සහ දිනපතා නුවාන නොපැවැත්වේ. බැතිමතුන්ට  පුදබිමේ කඳවුරු බැදීම ද සිදු කළ නොහැකි බවත් අගෝස්තු 2 වැනි ඉරුදින උදෑසන හතට සාම්ප්‍රදානුකූල මංගල්‍ය දේව මෙහෙය පැවත්වීමට නියමිතය.

හලාවත රදගුරු අති උතුම් දේව ධර්මාචාර්‍ය වැලන්ස් මෙන්දිස් සහ යාපනය රදගුරු අති උතුම් දේව ධර්මාචාර්‍ය  ජෝෂප් ජස්ටින් යන රදගුරු වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්වේ.

සිංහල සහ දමිළ  බසින් පැවැත්වෙන මෙම දේව මෙහෙය සදහා සීමිත බැතිමතුන් පිරිසක් සහභාගීවනු ඇත.



අදහස් (0)

තලවිල මංගල්‍ය බැතිමතුන්ට සීමා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site