IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


තියඩෝර් නෞකාවේ නාවිකයින් කො⁣රෝනාවෙන් මිය යෑමේ අවදානමක්

ඇමෙරිකා එක්සත් ජනපදයට ගුවන් යානා රැගෙන යා හැකි ‘තියඩෝර් රූස්වෙල්ට්’ නෞකාවේ නාවිකයන් කොරෝනා වයිරසයෙන් මියයෑමේ අවදානමක් තිබෙන ඉතා ඉක්මනින් ඔවුන් බේරාගත යුතු බවත් එම නෞකාවේ කපිතාන්වරයා අවධාරණය කරයි.

නෞකාවේ 5,000කට වැඩි පිරිසක් සිටින බවත් ඉතා විශාල පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් හෙතෙම කීය.

කොරෝනා වයිරසය ආසාදනය වී ඇති ගණන නිශ්චිතව කිව නොහැකි බව ද හෙතෙම කීය. 

එම නෞකාවෙන් පළමු වරට කොරෝනා ආසාදිතයකු වාර්තා වූයේ පසුගිය සතියේ වන අතර බටහිර ශාන්තිකර කලාපයේ ඇමෙරිකාවට අයත් පරිපාලන දූපතක් වන ගුවාම් ආසන්නයේ මෙම නෞකාව නැංඟුරම් ලා ඇත.

නෞකාවේ කපිතාන් බ්‍රෙට් ක්‍රෝසියර් පිටු හතරකින් යුත් ලිපියක් ලියමින් සිය නාවිකයන් බේරාගැනීමට උපකාරී වන්නැයි ඇමෙරිකානු බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

නෞකාවේ සිටින 4,000කට වැඩි නාවිකයන් පිරිස ඉන් මුදාගෙන හුදෙකලා කර ඔවුන් ප්‍රමාණවත් පරිදි නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන්නැයි ද ඔහු සිය ලිපියෙන් ඉල්ලා ඇත.

මේ සඳහා කඩිනම් පියවර ගන්නැයි ද ඔහු ඇමෙරිකා බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන අතර මෙම නෞකාව සතුව න්‍යෂ්ටික බලශක්තිය ද ඇත.

නෞකාවේ කපිතාන්වරයා ලිපිය යවා ඇත්තේ සඳුඳා දින දාතම ඇතිවය.

‘‘අපි යුද්ධයකට මුහුණ දීලා නැහැ. ඒ නිසා නාවිකයන්ට මැරෙන්න දෙන්න බැහැ. ඔවුන් ජීවත් වෙන්න ඕනෑ. අපි ඉක්මන් නොවුණත් අපේ ඉතාම වටිනා වත්කම වන අපේ නාවිකයන් බේරගත්තේ නම් අපි අසමත් වෙනවා’’ යැයි කපිතාන්වරයා සිය ලිපියේ සඳහන් කර ඇත.

නෞකාවේ සිටින පිරිසෙන් සියයට 80කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නම සඳහන් නොකළ ඇමෙරිකානු පරිපාලනයට සම්බන්ධයෙන් නිලධාරියෙක් රොයිටර්ස් පුවත් සේවයට පැවැසීය.

නෞකාවේ සිටින 5,000කට ආසන්න පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ කුඩා ගම්මානයක සිටින පිරිසට සමාන වේ.
අදාළ ලිපිය සම්බන්ධයෙන් මුලින්ම වාර්තා කර තිබුණේ ‘සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල්’ වන අතර පසුව රොයිටර්ස් පුවත් කරන ලද විමසීමකදී ඇමෙරිකාව එය තහවුරු කර තිබිණි.

ඒ.එෆ්.පී./රොයිටර්

055්



අදහස් (4)

තියඩෝර් නෞකාවේ නාවිකයින් කො⁣රෝනාවෙන් මිය යෑමේ අවදානමක්

රජින්ද Wednesday, 01 April 2020 05:53 PM

මම දැක්ක එක ඇමෙරිකානුවෙක් කියනවා... ඇමෙරිකාව දැන් මුහුණදෙන තත්වයත් එක්ක බලනකොට 9/11 ප්‍රහාරය කිසිම වැදගැම්මකට නැති දෙයක් කියලා. අද ඇමෙරිකාවට ඔවුන්ගේ නාවිකයන් තබා නිව්යෝර්ක් නුවර රෝහල්වල ඉන්න අයවවත් බේරා ගන්න බැරි තත්වයකට ඔවුන් පත්වෙලා ඉන්නවා. ඒ අස්සේ මම දැක්ක ජනාධිපතිවරණය පැරදුනු ලංකාවේ දේශපාලකයෙක් කියල තියෙනවා ලංකාවත් ඇමෙරිකාවේ ක්‍රමය අනුගමනය කල යුතුයි කියලා.

:       257       646

athuraThursday, 02 April 2020 04:23 AM

රජින්ද කියන මහත්මය කොහෙන් ගියත් අන්තිමට දේශපාලනෙන් නවතින්නෙ. පොහොට්ටුවේ ගැත්තෝ ඔක්කොම ඔහොම තමයි.

:       8       0

Jagath Fernando Wednesday, 01 April 2020 07:00 PM

මෙම වාර්තාව දෝෂ සහිතයි. රොයිටර් පුවත් සේවයේ දක්වා ඇත්තේ නැවේ 80 කට පමණ කොරෝනා බෝවි ඇති බවට සැක ලෙසයි. මේ පරිවර්තනයට අනුව නැවේ 80% - එනම් නාවිකයන් 4000 කට පමණ මෙය ආසාදිත වී ඇත - එනම් සත්‍ය අගය ලෙස රොයිටර් පුවත් සේවාව වාර්ථා කරන අගය මෙන් 50 ගුණයක්!! කරුණාකර නිවැරදි කරන්න.

:       0       90

jayath Thursday, 02 April 2020 03:54 AM

රජින්ද ඔබ දන්නේ නැත්ද අර ඊනියා දේශපාලකයා මේ දවස්වල සබන් නැතුව නාගන්නවා කියල . ? අපේ ජාතියේ වාසනාවකට මුන්නහෙලා වගේ අය නායකයෝ නොවුනේ උනා නම් ලංකාවටම මැලේරියා පෙති පොවයි

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31515 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1070 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site