ඇමෙරිකා එක්සත් ජනපදයට ගුවන් යානා රැගෙන යා හැකි ‘තියඩෝර් රූස්වෙල්ට්’ නෞකාවේ නාවිකයන් කොරෝනා වයිරසයෙන් මියයෑමේ අවදානමක් තිබෙන ඉතා ඉක්මනින් ඔවුන් බේරාගත යුතු බවත් එම නෞකාවේ කපිතාන්වරයා අවධාරණය කරයි.
නෞකාවේ 5,000කට වැඩි පිරිසක් සිටින බවත් ඉතා විශාල පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් හෙතෙම කීය.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති ගණන නිශ්චිතව කිව නොහැකි බව ද හෙතෙම කීය.
එම නෞකාවෙන් පළමු වරට කොරෝනා ආසාදිතයකු වාර්තා වූයේ පසුගිය සතියේ වන අතර බටහිර ශාන්තිකර කලාපයේ ඇමෙරිකාවට අයත් පරිපාලන දූපතක් වන ගුවාම් ආසන්නයේ මෙම නෞකාව නැංඟුරම් ලා ඇත.

නෞකාවේ කපිතාන් බ්‍රෙට් ක්‍රෝසියර් පිටු හතරකින් යුත් ලිපියක් ලියමින් සිය නාවිකයන් බේරාගැනීමට උපකාරී වන්නැයි ඇමෙරිකානු බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
නෞකාවේ සිටින 4,000කට වැඩි නාවිකයන් පිරිස ඉන් මුදාගෙන හුදෙකලා කර ඔවුන් ප්‍රමාණවත් පරිදි නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන්නැයි ද ඔහු සිය ලිපියෙන් ඉල්ලා ඇත.
මේ සඳහා කඩිනම් පියවර ගන්නැයි ද ඔහු ඇමෙරිකා බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන අතර මෙම නෞකාව සතුව න්‍යෂ්ටික බලශක්තිය ද ඇත.
නෞකාවේ කපිතාන්වරයා ලිපිය යවා ඇත්තේ සඳුඳා දින දාතම ඇතිවය.
‘‘අපි යුද්ධයකට මුහුණ දීලා නැහැ. ඒ නිසා නාවිකයන්ට මැරෙන්න දෙන්න බැහැ. ඔවුන් ජීවත් වෙන්න ඕනෑ. අපි ඉක්මන් නොවුණත් අපේ ඉතාම වටිනා වත්කම වන අපේ නාවිකයන් බේරගත්තේ නම් අපි අසමත් වෙනවා’’ යැයි කපිතාන්වරයා සිය ලිපියේ සඳහන් කර ඇත.
නෞකාවේ සිටින පිරිසෙන් සියයට 80කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නම සඳහන් නොකළ ඇමෙරිකානු පරිපාලනයට සම්බන්ධයෙන් නිලධාරියෙක් රොයිටර්ස් පුවත් සේවයට පැවැසීය.
නෞකාවේ සිටින 5,000කට ආසන්න පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ කුඩා ගම්මානයක සිටින පිරිසට සමාන වේ.
අදාළ ලිපිය සම්බන්ධයෙන් මුලින්ම වාර්තා කර තිබුණේ ‘සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල්’ වන අතර පසුව රොයිටර්ස් පුවත් කරන ලද විමසීමකදී ඇමෙරිකාව එය තහවුරු කර තිබිණි.
ඒ.එෆ්.පී./රොයිටර්
055්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැක්ක එක ඇමෙරිකානුවෙක් කියනවා... ඇමෙරිකාව දැන් මුහුණදෙන තත්වයත් එක්ක බලනකොට 9/11 ප්‍රහාරය කිසිම වැදගැම්මකට නැති දෙයක් කියලා. අද ඇමෙරිකාවට ඔවුන්ගේ නාවිකයන් තබා නිව්යෝර්ක් නුවර රෝහල්වල ඉන්න අයවවත් බේරා ගන්න බැරි තත්වයකට ඔවුන් පත්වෙලා ඉන්නවා. ඒ අස්සේ මම දැක්ක ජනාධිපතිවරණය පැරදුනු ලංකාවේ දේශපාලකයෙක් කියල තියෙනවා ලංකාවත් ඇමෙරිකාවේ ක්‍රමය අනුගමනය කල යුතුයි කියලා.
මෙම වාර්තාව දෝෂ සහිතයි. රොයිටර් පුවත් සේවයේ දක්වා ඇත්තේ නැවේ 80 කට පමණ කොරෝනා බෝවි ඇති බවට සැක ලෙසයි. මේ පරිවර්තනයට අනුව නැවේ 80% - එනම් නාවිකයන් 4000 කට පමණ මෙය ආසාදිත වී ඇත - එනම් සත්‍ය අගය ලෙස රොයිටර් පුවත් සේවාව වාර්ථා කරන අගය මෙන් 50 ගුණයක්!! කරුණාකර නිවැරදි කරන්න.
රජින්ද ඔබ දන්නේ නැත්ද අර ඊනියා දේශපාලකයා මේ දවස්වල සබන් නැතුව නාගන්නවා කියල . ? අපේ ජාතියේ වාසනාවකට මුන්නහෙලා වගේ අය නායකයෝ නොවුනේ උනා නම් ලංකාවටම මැලේරියා පෙති පොවයි