ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වයිරසයෙන් ඇමෙරිකා ආර්ථිකය බේරාගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2ක සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු සෙනට් සභාවේ නායකයන් සහ ට්‍රම්ප් පරිපාලනය අතර එකඟතාවක් ඇති කරගෙන ඇත.

ආර්ථිකය උත්තේජනය කිරීමේ අරමුණින් මෙම සහන පැකේජය යෝජනා විය.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට මෙන්ම එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇත. කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට ඇමෙරිකාව පත්වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.
කෙසේ නමුත් සීමාමායිම් ඉවත් කර ව්‍යාපාර කටයුතු සඳහා අවස්ථාව සැලසීමට අදහස් ඇතැයි ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
දින කිහිපයක් මුළුල්ලේ සහන පැකේජය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෙනට් සභිකයන් සහ ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්විණි.
මේ අනුව මෙම සහන පැකේජය ඇමෙරිකානු ආර්ථිකයේ විශාලම සහන පැකේජය වනු ඇත.
‘ද ගාඩියන්’ ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා !! අපේ අයියලා ටික කෙල හලහල බලාගෙන ඉඳියිද දන්නේ නැහැ. කොමිස් ගහන්න පුලුවන්ද කියලා. පඩික්කම් ටික ආපහු මුල්ලටම දාන්න. බැහැ බැහැ මේක ඇමරිකානු ආර්ථිකය පමණක් ගොඩනංවන්න මිස අනිකුත් රටවලට ආධාර සපයන්න නොවෙයි.
ඔය කවුරු කොහොම කිව්වත් අපිටනම් අපේ සහන පැකේජය හම්බුනා. සැමන් කුරියෙකුයි, පරිප්පු හුණ්ඩු බාගයකුයි.
පාර්ලිමෙන්තුවට වෙලා රටට, ජාතියට කෙලින කෙලිවල රඟේ දැන් තමයි තේරෙන්නේ.