(නිමල් ජයරත්න)
වැලිකන්දේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබන සියලුම රෝගීන් වෙනුවෙන් රජය දරන සියලුම වියදම් තමා අද සිට දැරීමේ වගකිම භාර ගන්නා බව අරලිය සමුහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.
කොරෝනා වයිරසය බවට තහවුරු වී පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය රුපියල් ලක්‍ෂ 55 ක වියදමකින් යුත් භාණ්ඩ හා උපකරණ පොළොන්නරුව මහ රෝහල වෙත අද (26) භාර දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත අදාල උපකරණ භාර දීමෙන් අනතුරුව ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
පොළොන්නරුව වැලිකන්ද ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ ප‍්‍රතිකාර ගෙන සුවය ලබා නිවෙස්කරා යන අවසන් රෝගියා දක්වාම යන සියලු වියදම් තමන් දරනා බවත් ඒ මහතා පැවසීය.
මෙහිදි පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළේ රටත් රටේ ජනතාවත් පත්ව ඇති ජාතික උවදුරකදි ඔවුන් වෙනුවෙන් සහන ලබා දීමට සහ අවශ්‍ය උපකාර ඩඩ්ලි සිරිසේන මහතා සිදුකළ මෙම පරිත්‍යාගය ව්‍යාපාරිකයන්ට පුර්වාදර්ශයක් බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහල් මාෆියාවෙන් මොනතරම් ගසා කෑවද? කොහොම දෙන්න බැරිද?.
මෙතුමා නම් උතුම් බෝධිසත්වයන් කෙනෙක්. තෙරුවන් සරණයි ඔබතුමාට.
හාල් මාෆියා ගාපු කප්පන් එලියට දැම්මා....
ඕක මොකද්ද? එයාට නම් ඕක සිල්ලර කාසි ටිකක් වගේ ඇති ! අඬබෙර ගහල, කැමරා ඉස්සර ඉඳගෙන දානපතියෙක් වගේ දෙන දේවල් පිටුපස තිබෙන්නේ අසරණ ජනතාවගේ දාඩිය මහන්සියෙන් උපයා ගෙන ගෝනි ගණන් පුරවපු රුපියල් නොවේද කියා එයාට තේරෙන දිනයකුත් එනවා ඇත !
මෙයත් අර අනිත් කෙනා වගේම තමයි බයිලා ඔස්තාඩ් . මරු ඩබල . හැබැයි ඔය කරපු දේවල් මේකෙන් අරින්න බැහැ
ඉතාමත් වටින වැඩක් මහත්තයො, පිං. ඒත් ඉතින් මේකෙ තියන කමෙන්ට් බැලුවහමනං ඔබතුමාලට පිං චුට්ටක් ගන්න තව සෑහෙන්න වියදම් කරන්න වෙනවා. පුදුම හම්බකිරිල්ලක් කියනවනෙ පහුගිය ටිකේ හම්බකරල තියෙන්නෙ. අනේ මන්ද ඉතිං, ඔබතුමාගෙ ගෙදර ලයිට් බිලටම යනව ඇති ලක්ශ 55ට වඩා මගෙ හිතේ. ඔන්න ඔහෙ මිනිස්සු කොරවෙලා යන්ඩත් එක්ක දෙන්ඩකො ලොක්ක ටිකක් දැනෙන ගානක්.
මෙය අනෙකුත් කට්ටියටත් හොඳ ආදර්ශයක්.
සර්, ඔබගේ පරිත්‍යාගයන් ඉතා අගය කරනවා...