IMG-LOGO

ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ වෛද්‍යවරයා රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)
 
කොළඹ ජාතික රෝහලෙන් රුපියල් ලක්‍ෂ 79  මුදලක් කොල්ල කෑ බව කියන වෛද්‍යවරයා ලබන 24 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා අද (11) නියම කළේය.

සැකකාර වෛද්‍යවරයා එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පිටස්තර කිසිවෙකුටත් හඳුනා ගැනීමට නොහැකි වන ලෙස සම්පුර්ණයෙන්ම ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර වෛද්‍යවරයා මෙලෙස රිමාන්ඩ බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා ඔහු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියම කළේය.
 

සිද්ධියට අදාළව සිදුකළ පරීක්‍ෂන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ මරදාන පොලිසියේ නිලධාරීහු වෙනත් රෝහලකට අනුයුක්තව විශේඥවරයකු වශයෙන් රාජකාරී කළ බව කියම සැකකාර වෛද්‍යවරයා පශ්චාත් උපාධියට අදාළ පුහුණුවක් සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බවත් එහිදී ඔහු රෝහලේ මුදල් අංශයට ගොස් මෙම කොල්ලකෑම සිදුකොට ඇති බවත් දැනුම් දුන්හ.

කොල්ලකෑම සිදුකිරීම සඳහා සෙල්ලම් පිස්තෝලයක් භාවිතා කොට ඇති සැකකරු කොල්ලකෑම සිදුකොට ත්‍රීරෝද රථයකින් පළායමින් සිටියදී ජාතික රෝහල් භූමියේ බුද්ධි රාජකාරියේ නිරතව සිටි කොස්තාපල්වරු දෙදෙනෙකු හා වෙනත් කටයුත්තක් සඳහා රෝහලට පැමිණ සිටි මාතර ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති වරුණි බෝගහවත්ත මහත්මිය සැකකරු ලුහුබැඳ ගොස් අත්අංගුවට ගෙන ඇතැයි දැනුම් දුන් නිලධාරීහු සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රිමාන්ඞ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 24 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු එදින තෙක් රිමාන්ඞ් බාරයට පත් කළේය.



අදහස් (7)

ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ වෛද්‍යවරයා රිමාන්ඩ්

Prabha Thursday, 11 June 2020 01:17 PM

බලමු මෙයා බේරගන්න අනික් දොස්තරලා මොනවද කරන්නේ කියලා...?

:       140       226

හොඳම 225 තෝරමු Thursday, 11 June 2020 03:31 PM

මෙයා GMOA ...සාමාජිකයෙක්ද මන්දා... ?

:       325       519

සිමන් Thursday, 11 June 2020 07:58 PM

අනිත් දොස්තරලා මොකුත් කරන්නේ නැහැ. ඒ අය දොස්තරවරුන්ගේ දේවල් වැඩි කර ගැනීමට සටන් කරා හැර රෝගීන් වෙනුවෙන් වචනයක් කතා කරාද? ඉස්පිරිතාලවල බෙහෙත් දෙන්නේ නැතුව පුද්ගලික චැනෙලින් කරමින් දුප්පත් මිනිසුන්ගේ මුදල් සූරා කනවා...

:       0       105

sarath perth Friday, 12 June 2020 02:02 AM

අපි බලමු දොස්තර මහතුන්ගේ ක්‍රියා පිළිවෙල කොහොමවෙයිද කියා ?

:       0       3

lalithm Friday, 12 June 2020 02:17 AM

අර අලුත්ගේ ලොක්කගේ සමිතියේ සාමාජිකයෙක් නම් වෙන්න බැහැ. මොකද එයාලා අපිව කොල්ල කන්නේ ටික ටික...රන් බිජු දමන කිකිළිගේ කතාවේ වර්තමාන පරිච්ඡේදය...

:       0       0

රාජුන් Friday, 12 June 2020 02:41 AM

මොහු ජීවිතේටම රොබරියක් තියෙන ඉංග්‍රිසි චිත්‍රපටියක් බලල නෑ. පවු කියලා හිතෙනවා.

:       0       0

Rohana Friday, 12 June 2020 03:11 AM

මොහු වෛද්‍යවරයකු බැවින් සියල්ලට පෙර මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගත්තොත් හොදයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 422 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site