විනීතා එම් ගමගේ
ඉදිරි මැතිවරණයකදී තැපෑලේ දායකත්වය ලබාදීම පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවේ ප්රධානීන් හා මැතිවරණ කොම්සම අතර අද (20) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී පවතින තත්ත්වය යටතේ තැපැල් බෙදීම් කල නොහැකි බව තැපෑලේ ප්රධානීන් පෙන්වා දී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණයකදී ඡන්දදායකයින් වෙත ඡන්ද කාඩ් පත් බෙදා දියයුතු තැපැල් දෙපාර්තමේන්තුව හරහා බවත් පවතින වසංගත තත්ත්වය යටතේ ගෙන් ගෙට ගොස් ඡන්ද කාඩ්පත් බෙදීම කල නොහැකි බවත් තැපැල් බලධාරීන් එම සාකච්ඡාවේදී පෙන්නා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් තැනවල වැඩ කරන්නේ නැත්තේ කොරෝන බයටම නෙවෙයි, මුන් වැඩ කරන්න තියන අකමැත්තට... කොහොමත් රජයේ කාර්යාලයක තත්වේ අපි දන්නවනේ. ඔහොම දොස්තරලයි, නස්ලයි කිවොත් රෝගීන්ට දෙයියන්ගේම පිහිටයි.
බොල මංගල.. කොහොමද දන්නේ තැපෑල ගැන?
බැරි නම් සේවය ඇත හැර ගියා සේ සලක හමුදාව යොදවල වැඩේ කරාවි. ගෙන් ගෙට යනවා මිසක් චන්ද කාඩ් එක දීල බදාගන ඉඹින්න කිව්වේ නැහැනේ. ලෝකේ ලොක් ඩවුන් කරපු හැම රටකම තැපෑල හැමදාම ක්රියාත්මක වුණා... මොකද දුරස්ථ භාවය රැකගෙන කරන්න පුළුවන් රැකියාවක් නිසා. වහල්ලුන්ට බැරිනම් අලුතෙන් අදේශකයන් බඳවාගෙන ජනතාවට සේවය ලබා දෙන්න.
රෝගයට බිය වන එක සාධාරණයි... මිනිස්සු චන්ද කරන පාසල් වල පන්ති කාමරවල දවස් 2 විතර මනාප එහෙම ගණන් කරන්න පුළුවන් ක්රමයක් තියේද? එක්කෝ පරිගණක ක්රමයකට ගියා නම් හරි නේද?
තැපෑලෙ වැඩ නම් අන්තිම තමා. ඡන්ද තිබ්බත් නොතිබ්බත් එහෙමයි. ලිපි බෙදන අය අකාරයක්ෂමයි. ලිපිනයන් මාරු කරල බෙදනවා. සමහර පැති වලට තියෙන්නේ ලිපි 1/2 නම් එදාල ඒ පැත්තටම යන්නේ නැහැ. බොරු නෝට් එකක් දාල ආපසු ගෙනියනවා. තවත් ඕන තරම් ඒව තියෙනව කියනව නම්...
ලංකාවේ තැපැල් සේවය ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ ඉන්නවද ?
හැමදාම නිකන් ඉඳල පඩි දෙන්නද ?
ඇත්ත කතාව ඉතිං.. එහෙම ගෙවල් ගානෙ යද්දි ඒ අයට ලෙඩක් හැදෙන්නත් පුලුවන්. අනිත් අයට බෝ කරන්නත් පුලුවන්
තැපැල් කාර්යයාල වල සමාන්ය කටයුතු සුපුරුදු පරිදි (21) දින සිට සිට ආරම්භ කර ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේත් ටිකට් නිකුත් කරන්න බෑ කියලා සේවයෙන් ඉවත් වුනෙත් මේ වගේම අවස්ථාවාදී කට්ටියක් තමා. මේ අය ඔක්කොම අරන් ගිහින් නායකත්ව පුහුණුව දීලා පුනරුත්ථාපනය කරන්න තියෙන්නේ.
තැපැල් දෙපාර්තුමේන්තුවෙන් වාර්ෂිකව හැම පාර්ලිමේන්තු මැති ඇමති වරුන්ට ගෙවන රුපියල් ලක්ෂ තුන හමාර දැන්වත් නවත්වලා දෙපාර්තුමේන්තුවේ සුභ සාධන කටයුතුවලට යොදාගන්න. ඒ මිනිසුන් පෞද්ගලිකව ලියුම් ලියන්නේ නෑ කාටවත්. මිලියන 70ක් මේකෙන් ඉතුරු කරගන්න පුළුවන් වාර්ෂිකව. අර ගාලු කොටුවේ වටිනා තැපැල් බිල්ඩිම කඩා වැටෙන එක දිහා මාස ගණන් බලාගෙන ඉදලා වැටුනාට පස්සේ සල්ලි නෑ කියා කියා නිකන් ඉන්නැතුව එය නැවත සංරක්ෂනය කරන්න මේ මුදල් යොදන්න. අනේ නුබලාගේ ඇස්, කන් සහ ඔළුගෙඩි ඇරේවා!!! සියලු බලවේගයන්ගේ ආනුභාවයෙන් තැපැල් දෙපාර්තුමේන්තුව කොන්ද ඇති, ප්රයෝජනයක් ඇති වැඩකරන , රටේ ඉතිහාසය පිළිබිඹු කළ මුද්දර කාඩ් පත් ගසා විදේශිකයන්ට සහ අපට කෞතුගාර පහසුකම් ඇති තැපැල් ස්ථාන ස්ථාපිත කොට ඒවා තුළ පහසුකම් සමග මිනිසුන්ට එන්න පුළුවන් ප්රියමනාප ස්ථාන ලෙස පරිවර්තනය කරන්නට සියලු හේතු වාසනා වේවා කියා ප්රාර්ථනා කරමි ! ඇති දේ පෙන්න ගන්න බැරි දර්ශනයක් නැති මිනිසුනේ, නැති දේ පෙන්නා විදේශිකයන් ආකර්ෂණය කරගන්න අනෙකුත් දියුණු ආසියාතික රටවල් කරන දේවල් ගැන පොඩ්ඩක් විමසා බලන්න. නැත්තන් මට දෙන්න මේක කරන්න.
බැහැකියලා බැරිය පුතේ තුනෙන් දෙකක් ඕන පුතේ... ලෙඩ්ඩු ඔහොම ඉදියි පුතේ බැහැ නොකියා වරෙන් පුතේ...