IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


චීනයෙන් යුරෝපයට මුඛ ආවරණ ලක්ෂ 40 ක්

චීනයෙන් යුරෝපයට මුඛ ආවරණ මිලියන හතරක් ගෙනා බව ‘එයාර්බස්’ ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිලෙම් ෆුරි පවසයි

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය යුරෝපට කඩා වැදුණු අතර යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් බවට පත්ව ඇත්තේ ඉතාලිය සහ ස්පාඤ්ඤයයි.
 
යුරෝපය මෙන්ම කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඇමෙරිකාව ද මේ වනවිට මුඛ ආවරණ, ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) ආදී වෛද්‍ය උපකරණ හා සැපයුම්වල දැඩි හිඟයකට මුහුණ පා සිටි.
 
‘එයාර්බස්’ සමාගමේ චීනය සහ යුරෝපය අතර ‘ගුවන් පාලම’ මෙහෙයුමේ කොටසක් ලෙස එම සමාගම එලෙස චීනයේ සිට යුරෝපයට එම මුඛ ආවරණ තොගය ප්‍රවාහනය කර ඇත.
 
මේ අතර චීන බිලියනපතියන් වන ජැක් මා සහ ජෝශප් සායි නිව්යෝක් ප්‍රාන්තයට ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) දහසක් පරිත්‍යාග කළේ යැයි නිව්යෝක් ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩෘ ක්වාමෝ පැවැසීය.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තය ද ස්වසන සංවාතන යන්ත්‍ර 140ක් එවන බව හෙතෙම කීය.
 
අල්ජසීරා

055



අදහස් (4)

චීනයෙන් යුරෝපයට මුඛ ආවරණ ලක්ෂ 40 ක්

රවින් Sunday, 05 April 2020 11:42 AM

වෛරයෙන් වෛරය නොසන්සිඳේ. බුද්ධ ධර්මයේ මේගැන හොඳින් පැහැදිලි කර තිබේ. මෙන්න තවත් අර්ථකථනය කිරීමක්. පහුගිය දවස්වල ලෝකෙට ලොක්කා කියලා හිතාගෙන ඉන්න එක්කෙනයි. මෙගොල්ලෝයි.... චිනේටයි, රුසියාවටයි කෝචෝක් දැම්මා නේද? තවත් ප්‍රවුර්තියක් දැක්ක රුසියාව වෙන්ටිලේටර් යන්ත්‍ර හා අනිකුත් උපකරණ ලොක්කාට යැවුවා කියලා.

:       0       1

de silva Sunday, 05 April 2020 12:05 PM

චිනේ ඉන්න කෝටිපතියෝ පරිත්‍යාග කරන්නෙත් ඇමෙරිකාව, නෙදර්ලන්තය වැනි විශාල පොහොසත් රටවලට , අපි චීන්නු පස්සේ ගියාට , අපට දෙන දෙයක් නොමැත. ඕනේ නම් අපට ගිනිපොලියට නයක් දීල අපේ රටෙන් කොටසක් සින්න කරගනීවි... එහෙම නැත්තන් හැමදාම කැඩෙන නොරොච්චෝලේ වගේ එකක් අපට හදල දීල අපෙන් කුට්ටියක් කඩා ගනිවී...

:       1       6

Walter WhiteSunday, 05 April 2020 01:55 PM

ඒවා ගේම්ස්, මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවේ, අපි ඩොලර් 5, 10 බඩු ඕඩර් කලාට ඔය රටවල් වල මිනිස්සු ඊට වඩා වියදම් කරනවා, ඩොලර් ට්‍රිලියන් ගානක අතිරික්තයක් තියෙන චීනේ වගේ රටකට ඔය වියදම සුළු දෙයක්. අපේ රට වගේ රටකට වියදම් කරලා ඔවුන්ගේ ඉමේජ් එක හදාගන්න බැහැ. ඔය වගේම දේවල් ඉස්සරත් වුන, පසු ගිය සියවසේ මුලදී ලංකාවේ අසරණ දුප්පත් මිනිස්සු අනන්තවත් ඉන්දෙද්දී ලංකාවේ ධනවත් මිනිස්සු බලසම්පන්න මහා ධනවත් අධිරාජයයේ, එංගලන්තයේ ළමා නිවාස වලට ආධාර උපකාර කරපු එක, චීන්නු දැන් කරන්නෙත් එකමයි.

:       0       12

de silva Sunday, 05 April 2020 03:24 PM

ඔය චීන්නු පසුපස ගිහින් අපට කවදාවත් දියුණු වෙන්න බැහැ , අපි දියුණු වෙන්න නම් අපේ නිෂ්පාධන මිලදී ගන්න , අපේ නිෂ්පාදන වලට හොඳ වෙළඳ පලක් තිබෙන රටවල් එක්ක සෙට් වෙන්න ඕනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31524 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11071 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site