(නිමල කොඩිතුවක්කු)
ගෑස් සිලින්ඩරයක් රුපියල් 950කට ලබාදීමේ හැකියාව ආණ්ඩුවට ඇතැයි එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා පැවැසීය.
කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව අසරණ වී ඇති අවස්ථාවේ ගෑස් සහ ඉන්ධන සහනය ජනතාවට ලබාදීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුව ඇතැයිද බවද කරුණානායක මහතා ස`දහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාමට මහබැංකුවේ පුටුවල සිටින ඇතැම් නිලධාරින් විශාල බාධාවක් බවත් ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ක‍්‍රියාකිරිම අගය කළ යුතු බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාකාපු සල්ලිවලින් නිකන් අරන් දෙන්න බැරිද?
ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද අප්පා?
රවි බලයේ සිටි කාලෙදී දෙන්න තිබුණනේ.
විපක්ෂයට ගියාම තමයි බඩු ලාභ වෙන්නේ. ආණ්ඩුව කරන කම් බඩු ගණන්..
ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට ජනතාවගෙන් ඉල්ලීමක් නැත. ගෑස් වලින් ලැබෙන පිරිවැය මනාව කළමනාකරණය කර ගැනීම රජය සතුය. මෙය අර්බුදකාරී කාලයකි. මෙය 'ගෙවල් දෙකක් එක් කර තනි ගෙයක් කර ගන්නා සේ පහසු දෙයක් නොවේ...
අනේ දෙයියනේ... රටේ මිනිස්සුන්ව ගොනාට අන්දන හැටියක්...
රවී උන්නැහේ ගෑස් මිල නියම වන්නේ ආණ්ඩුවෙන්.. මොකද තෙල් ගෑස් ආනයනය කරන්නේ රජය නිසා... සිලින්ඩර් ගෙන්වන්නේ අදාළ සමාගම. එමනිසා සිලින්ඩර් මිල නියම වෙන්නේ අදාළ සමාගමෙන්. අනික සිලින්ඩර් වලට පාලන මිලක් නියම කිරීමට තරම් අහේනියක් රටේ නැහැ.
රවී ගැන මට කිසි පැහැදීමක් නැත. නමුත් යහපාලන ආණ්ඩුව තිබෙන කාලයේ ක්‍රියාත්මක වුණු මිල සූත්‍රය නිසා ලෝක වෙළඳපලේ ඉන්ධන මිල පහළ යනකොට එම වාසිය ජනතාවට ලබාදුන්නා. නමුත් දැන් ඉන්න මිනිස්සු ඔය කිසිවක් ජනතාවට ලබාදෙන්නේ නැත..
අනේ යන්න පුතා යන්න.
ඔව් දෙන්න පුළුවන් ගෑස් විතරක් නෙමේ, තෙල් වුණත් දෙන්න පුළුවන් අඩුවට... ලෝක වෙළඳපලේ තෙල් 50% අඩුවෙලා තියෙන්නේ තාමත්... එ්ක නිසා ගොඩක් දේවල් අඩුවට දෙන්න පුළුවන්..
හොරකම්වල වටිනාකම රුපියල්වලින් කොපමණද කියලා දැනගන්න පුලුවන්ද?
මොකක්ද මුන්ඩා ගෑස් කියන්නේ?
මේ එළඹෙන්නේ නුඹද හොඳම ජෝකර්? මමද? කියන තරග වටය... අපේ මිනිස්සුත් දුවලා ගිහින් හොඳම ජෝකර්ට ඡන්දෙ දීලා හැමදාම වගේ වේලෙනවා.
මේ තව කපටි වැඩක් කරන්නයි යන්නේ...
හංසයා පරද්දන්න ගෑස් ඇණවුම නතර කර ගෑස් හිඟයක් ඇති කළ කෙනා නේද මේ? ඒ විතරක්ද පාන් පිටි මිල වැඩිකරන්න උපදෙස් දුන්නු රවී මේ මොකද කියන්නේ?
රංජිත්, බමුණුආරච්චි කන්නේ තණකොළද? ලෝක වෙළඳපලේ ඉන්ධන මිල බින්දුවටම බැහැපු බව දන්නේ නැතිද?
මෙයාට මහබැංකු, ලොතරැයි මණ්ඩලය, සතොස ගැන අමුතු කැක්කුමක් තියන්නේ. ඒ නිසා නේ විදේශ ඇමති දුරය දරනකොට ලොතරැයි මණ්ඩලයත් ඉල්ල ගත්තේ.
මේ ගොල්ලන්ට සේරම ආසන උණුවෙලා සත්ව කරුණාව පහළ වෙන්නේ පැරදිලා ගිහින් ඊළඟ ඡන්දෙට මුහුණ දෙන්න වෙනකොට තමයි. එච්චර පුළුවන් නම් මුදල් ඇමැති වෙලා ඉද්දි කරන්න තිබුණානේ. දැන් මෙතන බයිලා කියන්නේ...? මේ අයත් එකයි, අනික් අයත් එකයි. සුරංගනා කතා කියන්න විතරයි දන්නේ පස්ස බිම ඇණුනට පස්සේ...