කොරෝනා වයිරසය මැඬ පැවැත්වීම සඳහා ගුවන් හමුදාව විසින්, හෙලිකොප්ටර් යානා යොදාගනිමින් විෂබීජ නාශක ඉසින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ, එවැනි කිසිදු පියවරක් තවමත් ගුවන් හමුදාව ක්‍රියාවට නංවා නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වින විට රටේ පවතින වසංගතය ආශ්‍රීතව විවිධ කටා කථා සහ මිථ්‍යා මත බොහෝ පැතිර යනවා! මේ අතර ප්‍රධානම මාතෘකාව වන්නේ ගුවනින් විෂ බිජ ඉසිම, සහ මුඛ/මුව ආවරණ ගැන තිබෙන විවාදයයි. අද දිනයේ විදිවල මේ ගැන බොහෝ ආරවුල් ඇති වුනා! ආවරණය පැලඳි අය, නොපැලඳි අයව දැඩිව විවේනය කල අතර ඇතැම් තැන්වල දැඩි උණුසුම්කාරි සිදුවිම් ඇති වුනා. සමහර අවස්ථාවල පොලිසියෙන් ආවරණ නොපැලඳි අයව පලවා හැරියා!!! - මා සිටින ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ශබ්ද වාහිනි යොදාගෙන ප්‍රචාරය කලා මේ ආවරණ පළදින ලෙස. වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරන ආකාරයට මේ ආවරණ පැලඳීම අනිවාර්යය නොවේ! එමෙන්ම, හැමෝටම මෙය සපයා ගත නොහැක. අනිත් අතිට ඇති ගැටලුව මෙම ආවරන පැලඳු පමණින්ම වසංගතයට ගෙදුරු නොවේද වැනි ප්‍රශ්නයි! වඩාත්ම වැදගත් වන්නේ "රජයේ එක් වග කිව යුතු ආයතනයක්" මැදිහත්ව එක මාතෘකාවක් ගැන එක "රාජ්‍ය නිවේදනයක්" නිකුත් කිරිමයි. එය සංස්කරණය නොකර ප්‍රචාරය කිරිම පමණක් මාධ්‍ය වගකිම සේ සැලකිය යුතුයි! - ව්‍යසන කලමනාකරනයකදි, එය පාලනය කිරිමට නිවැරදි තොරතුරු වලට මුලික කාර්යයක් ඉටු කර හැකිය.