(අතුල බණ්ඩාර)
ගලෙන්බිදුනුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පහළ දික්වැව ගම්මානයේ පුද්ගලයන් 52කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා එම ගම්මානය හුදකලා කළ බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු පවසති.
ගලෙන්බිදුනුවැව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ , මීට දින කිහිපයකට පෙර එම ගම්මානයේ නිවසක , සෞඛ්‍ය අංශ දැනුවත් නොකොට, සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ද උල්ලංඝනය කරමින් පැවැත්වූ විවාහ මංගල උත්සවයකට සහභාගිවූවන් අතරින් පිරිසක් මේ කොරෝනා ආසාධිතයින් අතර සිටින බවයි.
පවුල් 250 ක පුද්ගලයන් 756 ක් පදිංචිව සිටින මේ ගම්මානයේ වැඩි දෙනකු ඥාතීන් බවත්, ඒ අතරින් 150 කට වැඩි පිරිසක් විවාහ මංගල උත්සවයට සහභාගිවී තිබෙන බවත් පොලිසිය කළ සොයා බැලීම් වලදී අනාවරණය වී තිබේ.
විවාහ මංගල උත්සවයට සහභාගිවූවන් අතරින් කිහිප දෙනකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා , ඉකුත් 30 වැනිදා ඔවුන්ගෙන් හයදෙනකු සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බවයි. ඉන් ඒ හය දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරුවීම නිසා, 31 වැනිදා තවත් ගම්වැසියන් 72 කක් තෝරාගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බවත් ඉන් 33 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරුවූ බවත් කි ඒ මහතා, ඒ අය අතර මනාලයා , මනාලිය සහ මනාලයාගේ මවද සිටින බව පැවසිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගලෙන්බිඳුණුවැව තවත් කොරෝනා පොකුරක්
මේඝ අනුරංග Monday, 02 August 2021 12:45 AM
වගකීම් තොරව කටයුතු කිරීම තුළින් සෑමදෙනාට ම අපහසුතාවය ට පත්වේ.