(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (6) උදෑසන වනවිට පැය 24 ක කාලය තුලදී 1566 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව හමුවීම අනුව 192 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාසයන්ගෙන් හමුවීම බියගම - 174 ක්, සීදූව - 142ක්, ගම්පහ - 135 ක්, මීරිගම - 131 ක්, වත්තල - 125 ක්, දිවුලපිටිය - 119 ක්, මිනුවන්ගොඩ - 100 ක්, රාගම - 85 ක්, අත්තනගල්ල - 80 ක්, කටාන - 74 ක්, කැලණිය - 63 ක්, මීගමුව - 54 ක්, ජාඇල - 47 ක් සහ දොම්පෙ කොට්ඨාසයෙන් - 45 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 49 දෙනෙකු හමුව ඇති බවත් ආසාදිතයින් 355 දෙනෙකු ප්‍රතිකාරමධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති අතර කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 240 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,679 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 12,41,836 දෙනෙකුට කොවිඩ් වෛරසය මර්ධනය පිනිස වන එන්නතේ පළමු මාත්‍රාවත් පුද්ගලයින් 5,38, 335 දෙනෙකු හට දෙවන මාත්‍රාවත් ලබාදීම සිදු කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහින් තමයි පොහොට්ටුවම ගෙනාවේ... උඩ පැනගෙන දුන්නු ඡන්දනේ...