
(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයන් 753 දෙනකු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි.
එයින් වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ මහර කොට්ඨාසයෙනි. එම ආසාදිතයන් ගණන 152 දෙනෙකි.
බියගම කොට්ඨාසයෙන් ආසාදිතයෝ 95 ක්, වත්තල ආසාදිතයෝ 69 ක්, සීදූව ආසාදිතයෝ 64 ක්, ජාඇල ආසාදිතයෝ 61 ක්, මිනුවන්ගොඩ ආසාදිතයෝ 57 ක්, අත්තනගල්ල ආසාදිතයෝ 52 ක්, ගම්පහ ආසාදිතයෝ 51 ක්, දොම්පෙ ආසාදිතයෝ 31 ක්, මීරිගම සහ දිවුලපිටිය ආසාදිතයෝ 30 දෙනෙකු බැගින්ද, කටාන ආසාදිතයෝ 24 ක්, මීගමුව ආසාදිතයෝ 17 ක්, කැලණිය ආසාදිතයෝ 15 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයෝ 8 දෙනෙක් හඳුන ගත්හ
මේ වනවිට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28,826 දෙනකු හමුව ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd