(තිලකරත්න දිසානායක)
ඉදිරි මහ මැතිවරණයට පෙර සෞඛ්‍ය නිරෝධායන විධිවිධාන අනුව ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න දැනුවත් කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ඡන්ද දායකයන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු මැතිවරණයක් හෙට (13) මීගමුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී පැවැත්වේ.
හෙට පෙරවරු 10 සිට පස්වරු 12.30 දක්වා කාලය තුළ මෙමපෙරහුරු මැතිවරණය පැවැත්වෙන බවත් මේ සඳහා සෞඛ්‍ය අංශ නිලධාරීන්, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හා පොලිස් නිලධාරීන් සහභාගි වන බවත් ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
මෙම පෙරහුරුව සඳහා ඡන්ද දායකයන් ලෙස 200 දෙනෙකු සහභාගි වන බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැරේ ඡන්දෙත් එක්ක සෙල්ලම් කරන්න එපා. මෙදා ඡන්දෙ දාන්න යනවා කියන්නේ තමන්ගේ බෙල්ල තමා අතින්ම කපා ගැනීමක් වැනිය..