IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 566ක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (26) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

මේ අනුව කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 61,511 දෙනෙකි.

දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට පැය 24ක් තුල ආසාදිතයින් හමුවීම, මහර කොට්ඨාසයෙන් - 67ක්, වත්තල - 65 ක්, මීරිගම සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් - 57 දෙනෙකු බැගින්, අත්තනගල්ල - 50ක්, බියගම - 49ක්, දොම්පෙ - 48 ක්, කැලණිය - 37ක්, ජාඇල - 23ක්, දිවුලපිටිය - 22ක්, සීදූව - 17ක්, මිනුවන්ගොඩ සහ රාගම - 15 දෙනෙකු බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් සිව් දෙනෙකු වශයෙන් සිදුව ඇත.

පැය 24 ක කාලය තුල ආසාදිතයින් 336 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ටත් , ආසාදිතයින් බවට සැක කෙරෙන රෝගීන් 169 දෙනෙකු රෝහල්වලටත් ඇතුලත් කොට ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.

එම කාලය තුල දිස්ත්‍රික්කයෙහි කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 48 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 23 ක්, බියගමින් - 8 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 17 දෙනෙකු වශයෙනි.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,139 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

 



අදහස් (1)

ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 566ක්

Jayashantha Tuesday, 27 July 2021 10:23 AM

මම හැමදාම මේ සයිට් එකේ ගම්පහ දිස්ත්‍රික්කයේ අප්ඩේට් එක බලනවා .ඒත් හෙට රජයේ නිවේදනයට අනුව ලොකු ගැප් එකක් තියෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 48 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site