(තිලකරත්න දිසානායක)
ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් කෙසෙල්වතුගොඩ ග්‍රාමයෙහි පුද්ගලයන් 84 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
එම ග්‍රාමයෙහි වැසියන් 325 දෙනකු හට අද සවස සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේදී ඉන් 84 දෙනකු ආසාදිතයන් බව තහවුරු වී ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතාගෙන් " ලංකාදීප " ය කළ විමසුමේදී සදහන් කර සිටියේ මෙම ප්‍රදේශයේ පිරිසකට උණ, කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇන්ටිජන් පරීක්ෂණයට භාජනය කළ බවත් එම පිරිස අතුරින් 84 දෙනකු ආසාදිතයින් බවට තහවුරුවූ බවය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.