
(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකුගේ මරණ ඊයේ (5) වාර්තා විය.
ඒ ඊයේ පස්වරුවේ මරණ 11ක් සහ රාත්‍රියේ මරණ 14ක් වශයෙනි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වයස අවුරුදු 35ත් 82ත් අතර අයගේ මරණ මෙසේ වාර්තා වී තිබූ අතර මරණ 14න් 10කටම හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඇරගෙන ඉදලා... එයා තමයි කලේ
හරිම කණගාටුදායකයි. මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා! ආසාදිතයින්ට ඉක්මන් සුවය ලැබේවා... කෝවිඩ් වසන්ගතය දුරුවේවා කියා ප්‍රාර්ථනය කරමු.
අයියො මොකද්ද මේ වෙන්න යන විපත, අඩුම සතිදෙකක්වත් රට වසා මොන දුකක් විදලා හරි මෙක පාලනය කරගන්න රජය උත්සහ කළයුුතුයි, දැන්නම් තියෙන ත්ත්වය බොහොම අවදානම්, අඩුම රජයට මුදල් නැත්තම් බෙසික්වත් දීලා, වෙන වෙන එවා කපාහැරලා දැන් මෙක පාලනයට උත්සහ කල යුතුයි, දේශපාලනික අවශ්‍යතා පසෙකලා මේ ජීවිත පිලිබද වගකීමක් රජයට තිබිය යුතුයි...
ඉතාම කනගාටුදායක පුවතක් ආරක්ෂාක්‍රම පාලනයක් නැති නිසා ඇති වුණ දෙයක් වසන්ත සැණකෙලි දාපු මහින්දගෙන් දැන් සැපද කියලා තමයි අහන්න ඕනැ....
හරිම කණගාටුදායකයි... ආණ්ඩුව හොදට කරපු එකේ විපාක...
මේ හැම මරණයකටම වගකියන්න ඕන ආණ්ඩුවේ ඉහළම තනතුරු දරණ අය... හුඟක් බක පණ්ඩිත හා නොසැලකිල්ල නිසා මගේ රටේ අහිංසක මිනිස්සු මැරෙන්නේ ඔහු බලයට ආවෙත් මිනි මතින් දැන් බලය ගෙනියන්නෙත් මිනි මතින් රට විනාශ කරනවා....
ලංකාව දූපතක් . ලේසියෙන්ම මැඩපවත්වන්න තිබ්බ හරියට කළමනාකරණය කරා නං. පණ්ඩිතයෝ වැඩි වුණා. බලන්න ඕස්ට්‍රේලියාව , නවසීලන්තය වගේ රටවල් කරපු අපූරුව.
ඉතාම දුක්බර අවස්ථාවක්... මියගිය සැමට නිවන් සුව අත්වේවා....රෝගීන් සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.....මාගේ මාතෘභූමියට ඉක්මණීන් මෙම ව්‍යසනයෙන් මිදීමට හැකිවේවා.....
මන් හිතන්නේ රටේ ඉන්දියානු ප්‍රබේදය ,සහ එංගලන්ත ප්‍රබේදය දෙකම පැතිරෙනවා ඇති , එකයි මෙච්චර මරණ වැඩි , ලෝක සෞඛ්‍ය සංවිධානය එංගලන්ත ප්‍රබේදය ගැන අනතුරු අඟවුව ජනවාරි මාසයේ එත් අපේ ලොක්කෝනට ඒවා ඇහුනද දන්නේ නැහැ , දුපතක් හින්ද අපිට ලේසියෙන්ම බේරිලා ඉන්න තිබ්බා
වඩා වටින්නේ ආර්ථිකයද ජීවිතද කියල ජනාධිපති තුමා තේරුම් ගතයුතු අවස්ථාවයි මේ. තාමත් අපි ප්‍රමාද නෑ.
අවුලක් නෑ තවම සමාජ ගතවෙලා නැහැනේ...
අපි අපේ රට කොරෝනාවෙන් බේරාගත්තා. අපේ හාමුදුරුවනේ කිය කියා කෑ ගහමින් රට වටේම දුවපු, අයියා, මලෝ දැන් කොහේද ඉන්නේ?
හෝ... හෝ... එහෙම කියන්න එපා. රටට විනිමය ගේන්න, සංචාරකයින් ගේන්න, ඡන්දයට වියදම් දුන්නු ආදායකයෝ ගේන්න එපාද?
දුක මැකිල යන්ඩත් එක්ක සිංදුවක් කියමු ‘
මේ සුන්දර දූපත වෞර කල්ලියක් විසින් තම යටතට ගෙන ඇත. එහි වැසියෝ දැනුවත්වම එම කල්ලියට සහාය දේ. ඉතින් ප්‍රතිපලය මේකයි
අපේ බිස්නස් හොඳටම වැටිලා. හැමදාම රට වහගෙන බෑ...
අවුරුදු කාලා ගෙදර ඉන්නේ නැතිව කතරගම, නුවර එළිය, සිරිපාදෙ ගියපු අය සම්පූර්ණයෙන් මේකට වග කියන්න ඕනෑ.
මේකට නං ආණ්ඩුවට බනින්න එපා. අවුරුද්දට ඉස්සර අපේ මිනිස්සු පමුණුවේ පොරකාපු හැටි දැක්කාම මට නම් ඔය විනාසේ හොඳින් දැනුණා. දැන් විඳවන්න වේවි. මෝඩ මිනිස්සු තේරුම් ගත්තේ නෑ... මේ සෙල්ලම් කරන්නේ වයිරසයක් එක්ක කියලා. කොහොමද කෝච්චි බස්වල පොරකාපු හැටි? දැන් විශාල ජන සංහාරයක් වෙලා තමයි නවතින්නේ... දැන්වත් ගෙවල්වලට වෙන්න. ආණ්ඩුව සීමා දානතුරු ඉන්න එපා. එහෙම නැතිනම් මරණයට අත වැනීමක්...
පිටරැටියා වෙත.. කොටසක් අඩුයි වගේ... කෝවිඩ් වසංගතය දුරු වේවා.. ඒ එක්කම දුරාන්ත පාලකයින් දුරු වේවා.!!!