
කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන පහක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අයත් ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විට සහ මාකලන්දාව යන ගම්මාන මෙලෙස හුදකලා කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට ඡන්දෙට ප්‍රථම මිනිසුන් ගැන උනන්දුව තිබුණත් දැන් දැන් ඒ බවක් පෙනෙන්නට නැහැ. බ්‍රැන්ඩික්ස් පොකුරට නිසි ක්ෂණික පියවර ගත්තා නම්, අද රටට මේ ව්‍යසනය නැහැ. ගවේෂනාත්මක ජනමාධ්‍ය කලාව දත් අප මේ තීරය ඔස්සේ අද සිදුවෙන දේ ගැන බොහෝ අවස්ථාවාදී කරුණු පහදා දුන්නා. ඒවාට සැලකිල්ලක් දැක්වූයේ නම් අද මෙවන් දේ සිදුනොවීමට ඉඩ තිබුණා. මතුගම බසයේ අයිතිකරු තම පුද්ගලික වියදමින් pcr පරීක්ෂණයක් කරගෙන තමන්ට කොරෝනා තිබෙන බව කිව්වා. පසුව රියැදුරාට හා කොන්දොස්තරට ඇති බව සොයාගත්තා. ඒ මනුස්සයා එසේ නොකරන්නට තත්ත්වය මීට වඩා බොහෝ නරක් වීමට ඉඩ තිබුණා. පෑලියගොඩ සිට රටේ බොහෝ ප්‍රදේශ වලට මාළු ගෙනගියා. මේ නිසා රටේ බොහෝ ප්‍රදේශ වල ආසාධිතයන් සිටිය හැකියි. ඒ නිසා කොයි කවුරුත්, ඇඳිරිය හා හුදකලා කිරීම් ඇතත් නැතත් සැමදෙනා පරිස්සම් වීම වැදගත්...