IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොවිඩ් දරුවන් නිවෙස්වල නිරෝධායනයට

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් ආසාදනයවීමෙන් සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයස අවුරුදු 2 සහ 14 අතර දරුවන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් අද (11) සිට ආරම්භ කළ බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඩ් ආසාදිත දරුවන් ශීඝ්‍ර ලෙස වැඩිවීම සැලකිල්ලට ගෙන යැයිද හෙතෙම සඳහන් කළේය.

එසේම ළමා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දීමටද තීරණය කළ බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ් ආශ්‍රිතව සංකූලතා මතු වන්නේ නම් දරුවන් රෝහල් කරා ගෙන ආ යුතු බවද සඳහන් කළේය.

නිවසේ සිට ප්‍රතිකාර කිරීමේදී දරුවා රැකබලා ගැනීමට යම් වැඩිහිටියෙකු නිරන්තරයෙන්ම ළඟ සිටිය යුතු බවත් දුරකතන මාර්ගයෙන් ප්‍රතිකාර නියම කිරීම් සිදුවන හෙයින් ඊට අදාල පහසුකම් ලබාදීමට භාරකරුවන් සූදානමින් සිටිය යුතු බවත් දීපාල් පෙරේරා මහතා පැවසුවේය.

මේ අතර කොවිඩ් ආසාදිතවූ දරුවන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම පිළිබඳ විමසීම සඳහා1390 යන ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි පවසන විශේෂඥ වෛද්‍යවරයා නිදන්ගත රෝග හෝ වෙනත් දීර්ඝකාලීන රෝගයන්ගෙන් පෙළෙන දරුවන් අනිවාර්යෙන්ම රෝහල්වලට යොමු කළ යුතු බවද සඳහන් කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට කොවිඩ් ආසාදිත දරුවෝ එකසිය පනස් දෙනක් පසුගිය සතිය වනවිට ඇතුළත් කරනු ලැබ සිටියහ .

ආසාදිත දරුවන් වරින් වර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීම නිසා එම සංඛ්‍යාව මේ වනවිට තරමක් අඩුවී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

 



අදහස් (1)

කොවිඩ් දරුවන් නිවෙස්වල නිරෝධායනයට

fairoos Wednesday, 11 August 2021 08:16 PM

කෝ අපේ සර්? එයා කරපුවද මේවා? ඩබල් PHD වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site