
( බන්ධුල ඉලේපෙරුම )
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රෝගීන් හඳුනාගැනීමට, නිරෝධායන කටයුතුවලට, අහඹු පීසීආර් පරීක්ෂණවලට සහ සුබසාධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 70,000ක් පමණ රජය මගින් යොදවා ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(12) පාර්ලිමේන්තුවේදී 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
අනපේක්ෂිත කොවිඩ් දෙවැනි රැල්ල හමුවේ රටේ කොවිඩ් මරණ අනුපාතය 0.3%ක පමණ අගයක පවත්වාගැනීමටද හැකියාව ලැබුණු බව අගමැතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ මෙයා කොහොම ගණන් හදලද මෙ ගාණ කිව්වෙ...? මිලියන 7000... දැන් දීපල්ලකෝ උත්තර හම්බ වෙච්ච කෙනාට මොකද වුණේ කියපු අයට...
ඔන්න ලොක්කයියා අපිට නත්තල් ගෙනැල්ලා...
මෙය පවත්වාගෙන යන මරණ අනුපාතය .... නිකන් විහිළු කියවන්නේ නැතිව ඉන්න. අපේම කොරෝනා අරමුදලිනුත් වියදම් කරලා තියෙන්නේ මිලියන 250ක් වගේ... අයියා කියනවා මිලියන 7000ක් ලු. අයියලා, මල්ලිලා සෙල්ලමක් කරනවද කොහෙද? අපේ ජීවිතත් එක්ක.
ඔය වෙන් කිරීමෙ හරිම විස්තරෙත් තියෙනවා.
ඔයාලගේ මිලියන ගණන් සුබසාධක කටයුතු ගැන කතා කරන කොට අපේ කකුල් දෙක වෙව්ලනවා.
සුනාමි 2 ලොක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ලාංකික ව්‍යාපාරික සහ පරිත්‍යාග ශීලීන්ගෙන්, සංවිධානවලින් ලැබුණු මුදල් රජයේ වෙන්නේ කොහොමද? පසුවිපරමක්කළා නම් බලන්න තිබුණා. වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද කියලා ජනතාව අසාවි..
ජනතාවට ලැබුණු කෙන්ගෙඩියක් නෑ. ජනතාවට ඉතුරුවුණේ කොරෝනා පමණයි.
ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භයත් සමග පිහිටුවාගත් " ඉටුකම කොරෝනා අරමුදලට" මහජනතාවගෙන්, ව්‍යාපාරිකයන්ගෙන්, ආණ්ඩුවේ ආයතන වලින් මුදල් පරිත්‍යාග කරන අන්දම අපි දිනපතා රූපවාහිනීවල දැක්කා මතකයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය රුපියල් කෝටි 3000 කට අධික මුදලක් ලංකාවට දුන් බවත් විදෙස් රාජ්‍ය වලින් ආයතන වලින් කොරෝනා වෙනුවෙන් ඩොලර් කෝටි ගණන් සල්ලි ලැබුන බවත් වාර්තා වුණා නේද? දැන් මේ සල්ලිවලට මොකද වුණේ? අර සුනාමි අරමුදලට වෙච්චදේමද දන්නේ නෑ නේද?
ලැබුණු බිලියන ගණන් සල්ලි ගැන කතාකරනකොට සුනාමිය ආපු දවස්වල හම්බන්තොට ගැන මතක්වුණා ඉඛෙටම...
ඔය ගාන නම් ගෑවෙන්නත් මදි නේද? ඔබතුමාලා අපිට සුබ සාධනය කරන්න මොනතරම් මහන්සි වෙනවද... වියදම් කරනවද? රට වහන්න කලින් ගෙදරටම ඇති වෙන්න බඩු මල්ලක් දුන්නා. රුපියල් පන්දාහකුත් දුන්නා. ණය වාරික පොළී කපල දැම්මා. විදේශවල උන්න අය නොමිලයේ ගෙන්වගෙන නොමිලයේ පී.සී.ආර් කරල දුන්නා. තව කොච්චර දේවල් කලාද....මම හිතන්නෙ ගෙවල් ඉඩම් වතුපිටි එහෙමත් විකුණල සල්ලි හොයා ගන්න මහන්සි වෙන්න ඇති අපිට සුබසාධනය කරන්න. අනේ බොහොම පිං..ආයෙමත් රජ වෙලා අපිව රකින්න ආවට.
මෙ වගේ කපටින් ජීවිත කාලයටම දැකලා නැහැ.
අර ගසාකාපු සුනාමි අරමුදලින් භාගයක්වත් මෙ වෙලාවෙ දුන්නා නම් ....
ඔබතුමා සුනාමි ආධාර බෙදුවා වගේ, බැසිල් මල්ලිත් හරිම දක්ෂයා ඔය වගේ වැඩවලට...