(යොහාන් භාසුර)
‘කොවිඩ් 19’ වයිරසය ආසාදිත පුද්ගලයින් තවත් 190 ක් අද (07) හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හදුනාගත් සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 94,038 ක් දක්වා ඉහළ ගියේය.
‘කොරෝනා’ වයිරසය ආසාදනයවීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනකු අද මියගිය අතර ඒ අනුව ‘කොරෝනා’ වයිරසය ආසාදනයවීමෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 591 ක් බවට පත්විය.
‘කොරෝනා’ ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් 209 දෙනකු අද රෝහල්වලින් පිටව යෑමත් සමඟ සුවය ලැබූ සංඛ්‍යාව 90,917 ක් දක්වා ඉහළ ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd