(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය පොලිස් වසමට අයත් ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනලද උද්ඝෝෂණය මැඩපැවැත්වීමේ රාජකාරියේ නිරතවූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂකයින් අතර අසාධිත යැයි සැක කරන කෙනෙක් ඉඳලද? නැත්නම් නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා ලෝකෙට පෙන්වන්නද? හත්දා මගුල් කෑ තොණ්ඩමන්ගේ අවමඟුලට සහභාගී වෙලා රාජකාරි කළ නිලධාරීනුත් නිරෝධායනයට යොමුකළාද? එක් එක් අයට එකඑක ආකාරයට නැතුව නීතිය එක ලෙසින් ක්‍රියාත්මක වෙනවා දැකීම රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුවයි.
ඔය වැඩෙන් ආණ්ඩුව හොඳටම සවුත්තු වුණා. ඒ මදිවට අැමෙරිකාවෙන් කිව්ව ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැයි කියලා...
මම හිතුවේ පොලිසියේ කට්ටියව අත්අඩංගුවට ගත්තා කියලා. ඔව්, ඉතින් පින්බත් කන්න පුළුවන්...
අනේ සර් ඔයා, “හොඳට හිටපු කෙනෙක් දැන් වැටිච්ච තැනක්” , දේශපාලනය නම්, කිසිම වටිනා පුද්ගලයකුට නොගැලපෙන බව මනාවට දෙවනවර ඔප්පුවෙමින් පවතී.. පළමුවර සරත් ෆොන්සේකා, දැන් ඔබ... ඔබ දෙදෙනාම රටක් වටිනා මිනිසුන් දෙදෙනක් (නමුත් දේශපාලනය ඔබේ වටිනාකම විනාශකරාවි) අපේ වීරයින් විහින් අසූචිවලට වැටීම ගැන අවංකව දුකයි. මට සමාවන්න...
පොලිස් නිලධාරීන් එදා, හැසුරුනේ කුලප්පු වූ හරක් වගේ... මිනිසුන්ව බල්ලන් වගේ ජීප් එකට නග්ග ගත්තේ.., ඔය පොලීසියේ කට්ටිය යවන්න ඕනෑ නිරෝධායනයට... හරක් පට්ටියක් මිනිස්සු එක්ක තියන්න එපා...
රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවා නම්..., නිරෝධායන නීති කිසිවක් නොපිළිපදිමින් කුලප්පු වූ ගවරැළක් සේ කිපී සිටි පොලිස් නිලධාරීන්ට දඬුවම් හිමිවිය යුතුයි. එහෙත් කුමන හෝ රටක නීතිය හා පොලීසිය දේශපාලකයින් හට අවනතව සිටින තාක්කල් එවැනි දෙයක් කිසිසේත් සිතීමට හෝ නොහැකිය.
පොලිසිය කියලා මොනවා කරන්නද? හුණුඩුවක් වගේ වාහනයකට 50ක් විතර පැක් කරන්න ගියාම ඔහොම වෙනවා. එක්කෝ ලොරියක් ගේන්න තිබුණා ඔක්කොම පටවන්න.