IMG-LOGO

කොරෝනාවෙන් මැදපෙරදිග සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 12ක් මිය යති

(තිළිණි ද සිල්වා)

ගෙවී ගිය සති තුනක කාලය තුළදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මැදපෙරදිග රටවල සේවය කළ තවත් ලාංකික ශ්‍රමිකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.
 
ඒ අනුව එම වයිරසය වැළඳීමෙන් මියගිය, මැදපෙරදිග සේවය කළ ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය. ඉකුත් ජුනි 19 වන විට මැද පෙරදිග රටවල සේවය කරමින් සිටියදී කොරෝනා වයිරසය වැළඳීමෙන් ලාංකිකයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විණි.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, කුවේට්, කටාර්, ඕමාන් සහ ලෙබනනය යන රටවල දී මෙම ලාංකිකයන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.මියගිය 35දෙනා ගෙන්  33දෙනෙකුම පිරිමින් වන අතර  ජීවිතක්ෂයට පත් වූවන් අතර සිටිනුයේ කාන්තාවන් දෙදෙනෙකු පමණකි.
 
කොරෝනා වසංගත තත්ත්වය තුළ පවතින ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ මියගිය ලාංකික ශ්‍රමිකයින් 35 දෙනාගේ අවසන් කටයුතු ඔවුන් සේවය කළ රටවලදී සිදුකළ බවත්, වර්තමාන තත්ත්වය අවබෝධ කර ගනිමින් , මියගිය අයගේ මෙරට සිටින පවුලේ සාමාජිකයින් සිය කැමැත්ත මත එම අවසන් කටයුතු සිදු කරනු ලැබූ බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
ලොවපුරා කොරෝනා වසංගත තත්ත්වය වාර්තා වූ දින පටන් මැදපෙරදිග සේවය කරන ලාංකික ශ්‍රමිකයින් 40,000 කට වැඩි පිරිසකට යළි දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියද  ආරක්ෂිත හේතූන් සහ රට තුළ පවතින නිරෝධායන පහසුකම් නොමැතිකම හේතු කොට ගෙන නැවත මෙරටට ගෙන්වා ගැනීම වරින් වර සිදු කිරීමට රජය සිදුව ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.
 
වැඩිවන ඉල්ලීම්වලින් පසුව ශ්‍රී ලංකා රජය විසින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කළද, දැඩි සෞඛ්‍ය හා ගමන් සීමාවන් තිබියදීත් මැදපෙරදිග රටවල්වල තවමත් දිනෙන් දින වාර්තාවන කොරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව  වැඩි වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.



අදහස් (1)

කොරෝනාවෙන් මැදපෙරදිග සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 12ක් මිය යති

kapila Thursday, 09 July 2020 04:06 PM

ගෝඨා නම්බුව බේරාගත්ත හැටි තමයි මේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site