කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සකස් කළ නව එන්නතක අත්හදා බැලීම් මේ දිනවල බ්‍රිතාන්‍යයේ සිදුකෙරේ.
බෙල්ජියම් සමාගමක් වන ජැන්සන් විසින් මෙම එන්නත නිපදවා ඇත.මිනිසුන්ට වැළඳෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වයිරසයක ජාන වෙනස් කිරීමෙන් එන්නත නිපදවූ බව පර්යේෂකයෝ පවසති.
මෙම එන්නතේ මූලික ප්‍රවේශය, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හා ඇස්ට්‍රසෙනිකා සමාගම එක්ව නිපදවූ එන්නතට සමාන වන නමුත් එහි සියුම් වෙනස්කම් ද තිබෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඇස්ට්‍රසෙනිකා සමාගම නිපදවූ එන්නත චිම්පන්සියන්ට ආසාදනය වන වයිරයක් ආශ්‍රයෙන් නිපදවා ඇති අතර බ්‍රිතාන්‍යයේ එන්නත මිනිසුන්ට ආසාදනය වන වයිරසයක් ආශ්‍රයෙන් නිපදවා ඇතැයි ඔවුහු පවසති.
බ්‍රිතාන්‍යයෙන් තෝරාගත් 6,000ක පමණ පිරිසකට එන්නත ලබාදීම දැනටමත් ආරම්භකර ඇත. මේ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන පිරිසක් තෝරාගෙන ඇති අතර ඔවුන්ට මාස දෙකක කාලයකදී එන්නතේ මාත්‍රා දෙකක් ලබාදීම සිදුකරයි.
දෙවැනි වටයේදී තවත් රටවල් කිහිපයක් හා එක්ව එන්නත 30,000ක පමණ පිරිසකට ලබාදීමට ද සැලසුම්කර තිබේ.
මෙහි ප්‍රතිඵල ලබාගැනීම මාස හයක් හෝ නවයක් ගතවිය හැකියැයි ද පර්යේෂකයෝ පවසති.
බීබීසී ඇසුරිණි
085
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනාවෙන් ආරක්ෂාවට බ්‍රිතාන්‍යයෙනුත් එන්නතක්