(පැරීසියේදීය :ඒ.එෆ්.පී)
ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (23) පස්වරුව වනවිට ලොව පුරා මියගිය ගණන 15,000 ඉක්මවා ගියේය.
ඒ අනුව නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සමස්ත ගණන 15,189ක් වන අතර ඉන් වැඩි ගණනක් වාර්තා වන්නේ යුරෝපයෙනි. යුරෝපයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 9,197කි.
කොරෝනා වයිරසය හේතුවෙන් යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ ඉතාලයයි. ඉතාලියෙන් මරණ 5,476ක් වාර්තා වේග කොරෝනා වයිරසය පිළිබඳව මුලින්ම වාර්තා වූ චීනයෙන් මරණ 3,270ක් වාර්තා වේග ඉන් පසුව වැඩිම බලපෑමක් එල්ල වී ඇති ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ ගණන 2,182කි.
ගත වූ පැය 24 දී මරණ 1,395ක් වාර්තා වී ඇති අතර නිල සංඛ්යාබ දත්තවලට අනුව එම කාලයේදී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 172,238කි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd