IMG-LOGO

කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වෛද්‍යවරු 200ක් මියගිහින්

කොවිඩ් -19 වසංගතයට ගොදුරුවීමෙන් ඉන්දීය වෛද්‍යවරු 201 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම් වෛද්‍ය ආර්.වී අසෝකන් මහතා උපුටා දක්වමින් එරට ඒ.එන්.අයි පුවත්සේවය මේ බව වාර්තා කර ඇත.
 
එසේම තවත් වෛද්‍යවරුන් 17 ,064 දෙනෙකු එම වයිරස ආසාදනය වී රෝහල්වලට ඇතුළත් නොවී සිටින බවද ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම්වරයා කියා සිටී.
 
එබැවින් වෛද්‍යවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ක්‍රියාකරන ලෙස, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය ඉල්ලා සිටී.
 
ඉන්දීය වෛද්‍ය සංගමයේ මහලේකම් වෛද්‍ය ආර්.වී. අශෝකන් ඒ.එන්.අයි පුවත් සේවය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ “වසංගතයක් මධ්‍යයේ වෛද්‍යවරුන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා අපි අගමැතිට ලිපියක් ලිව්වා. අසනීප වී සිටින වෛද්‍යවරුන්ට ප්‍රතිකාර සඳහා අවධානයක් යොමුවී නැහැ.ඔවුන් රෝහල්වලට පවා ඇතුළත් කර නැහැ. ඔවුන්ට විශේෂ අවධානයක් හා ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි. ආසාදිත වෛද්‍යවරුන් 17, 064 ක් සිටින අතර අද වෛද්‍යවරුන් 201 ක් මියගිහිං”
 
පසුගිය පැය 24 තුළදී කොරෝනා ආසාදිතයින් 64,000ක් හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඉන්දියාවෙන් හමු වී ඇති මුළු ආසාදිතයින් ගණන 2,153,010.
 
(ඒ.එන්.අයි. පුවත් සේවය ඇසුරෙනි)
125



අදහස් (0)

කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වෛද්‍යවරු 200ක් මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 150 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 439 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site