ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන 10,000 ඉක්මවා ඇතැයි එරට සිවිල් ආරක්ෂක ආයතනයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.
ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 10,023කි.
ගෙවීගිය පැය 24ක කාලයේදී ඉතාලියෙන් කොරෝනා මරණ 889ක් වාර්තා වී ඇත . එම සංඛ්‍යාව සිකුරාදා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාවට වඩා 30 ක අඩු වීමකි.
කොරෝනා වයිරසය හේතුවෙන් සිකුරාදා දිනයේදී පමණක් ඉතාලියේ මියගිය ගණන 919 ක් විය.
කොරෝනා වයිරසය ආසාදනය වූ 1,434 දෙනකු පසුගිය පැය 24 දී සුවය ලබා ඇත. ඉකුත් පැය 24ක කාලයේදී ඉතාලියෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,651 කි. එම සංඛ්‍යාව කලින් දිනට වඩා 750 ක අඩුවීමකි .
ඒ.එෆ්.පී/ බී.බී.සී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංඛ්‍යාත්මක අවරෝහණය සිතට සතුටක්