ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන 10,000 ඉක්මවා ඇතැයි එරට සිවිල් ආරක්ෂක ආයතනයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.
ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 10,023කි.
ගෙවීගිය පැය 24ක කාලයේදී ඉතාලියෙන් කොරෝනා මරණ 889ක් වාර්තා වී ඇත . එම සංඛ්‍යාව සිකුරාදා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාවට වඩා 30 ක අඩු වීමකි.
කොරෝනා වයිරසය හේතුවෙන් සිකුරාදා දිනයේදී පමණක් ඉතාලියේ මියගිය ගණන 919 ක් විය.
කොරෝනා වයිරසය ආසාදනය වූ 1,434 දෙනකු පසුගිය පැය 24 දී සුවය ලබා ඇත. ඉකුත් පැය 24ක කාලයේදී ඉතාලියෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,651 කි. එම සංඛ්‍යාව කලින් දිනට වඩා 750 ක අඩුවීමකි .
ඒ.එෆ්.පී/ බී.බී.සී
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා වයිරසයෙන් ඉතාලියේ මිය ගිය ගණන 10,000 ඉක්මවයි
jayath Sunday, 29 March 2020 03:39 AM
මේ සංඛ්‍යාත්මක අවරෝහණය සිතට සතුටක්