IMG-LOGO

කොරෝනා වයිරසය මන්නාරම අගරදගුරු නිවෙසටත් පනී


(සිතුම් චතුරංග)

මන්නාරම අගරදගුරු නිවසෙහි සේවය කළ අයකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී තිබෙන බව හඳුනාගැනීමත් සමඟ මන්නාරම අගරඳගුරු ලයනල් එමානුවෙල් පියතුමා ඇතුළු 57 දෙනෙකු අද(09) ස්වයං නිරෝධායනයට ලක් කළ බව මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

නිරෝධායනයට ලක් කළ පිරිස අතර මන්නාරම අගරඳගුරු නිවසෙහි සිටි පියතුමන්ලා 16 දෙනෙකු වන අතර අගරඳගුරු නිවස හුදකලා කර ඇතැයිද පැවසීය.

මන්නාරම අගරඳගුරු නිවසෙහි ඉදිකිරීමක් සඳහා පැමිණ සිටි පෙදරේරුවකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමඟ ඔහු සමඟ ඉදිකිරීම් කටයුතුවල නිරතවූ 40 දෙනෙකු ද රඳගුරු නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක්කළ බව සඳහන් කළේය.

කොවිඩ් ආසාදනය වූ පුද්ගලයා හලාවත ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර පසුගියදා 7 වැනිදා උණ රෝගී තත්වයක් හේතුවෙන් මන්නාරම රෝහල වෙත ඇතුලත් කර කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් අනතුරුව වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බවද පැවසීය. වයිරසය ආසාදනය වූ පෙදරේරුවා සමඟ සිටි අයකුගේ ද කළ පී.සී.ආර් පරීක්ෂාවකදී වයිරසය ආසාදනයවී තිබූ බවට අනාවරණයවූ බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය.

කොවිඩ් - 19 වයිරසය ආසාදිත පුද්ගලයා ස්ථාන රැසක සැරිසැරීම හේතුවෙන් හා පොදු ප්‍රවාහනය භාවිතා කිරීම හේතුවෙන් එම ස්ථානවල සියලුදෙනා හඳුනාගැනීමෙන් අනතුරුව ස්වයං නිරෝධායනයට ලක්කිරීමට නියමිතව තිබුණි. මන්නාරම ප්‍රදේශයේ සිට ධාවනය වන පොදු ප්‍රවාහන සේවාව ද සීමා කිරීමට උපදෙස් ලබාදුන් බවද මන්නාරම ආරක්ෂක අංශ පැවසීය.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වැඩිදුරටත් පැවසූයේ මන්නාරම අගරඳගුරු නිවසෙහි සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවත් එහි ප්‍රතිඵල අනුව අගරඳගුරු නිවස හුදකලා කිරීම තවදුරටත් සිදුකරන්නේද යන්න ඉදිරියේදී තීරණයක් ගන්නා බවය.

කොවිඩ් - 19 වයිරසය ආසාදිත පුද්ගලයා සහ සෙසු පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලේ කොවිඩ් -19 විශේෂිත ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත්කර තිබේ.

මන්නාරම පොලිසිය , යුද හමුදාව හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආසාදිතයා ගැවසුණු ස්ථාන පිළිබඳ පරීක්ෂා කර එම පුද්ගලයින් නිරෝධායනයට ලක්කිරීම හා ස්ථාන විෂබීජ හරණයට ලක්කරන බවද මන්නාරම උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් පැවසීය.



අදහස් (8)

කොරෝනා වයිරසය මන්නාරම අගරදගුරු නිවෙසටත් පනී

Nuwan Friday, 09 October 2020 09:36 AM

අපේ රයප්පු ජෝසප් උන්නැහේ ඉන්නේ මෙහේද?

:       2       10

YakaFriday, 09 October 2020 10:29 AM

අපේ බොරුවලට අපිම රැවටුණා වගේ දැනෙනවා.. රටේ කොරෝනා තිබිලා තියෙනවනේ..

:       1       10

Perera Friday, 09 October 2020 09:40 AM

අගරදගුරුතුමා නිරෝධායන කිරීමට අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ එතුමා රෝගයෙන් රැකදෙනවා.

:       6       11

NuwanFriday, 09 October 2020 10:38 AM

ආරංචියක් ආවා... උන් වහන්සේලාටත් වෙන මොකක්ද හැදිලා කියලා..

:       4       7

jayasekaraFriday, 09 October 2020 11:35 AM

අපොයි..!! දෙවියන්වහන්සේගේ කැමැත්තනේ. ඒකට ඉඩදීලා ඉන්න තියෙන්නේ.

:       1       5

Thomas Friday, 09 October 2020 11:08 AM

කොටි ඉන්න කාලේ මේ ගොල්ලෝ එහෙම කොරෝනා වගේ තමයි අපි එක්ක හිටියේ. යුද්දෙ දින්නට පස්සේ වෙනස් වුණා.

:       4       8

බද්රානි Friday, 09 October 2020 08:44 PM

පසළොස්වක පුර හඳ ඇස් දෙකට පෙනි පෙනී බුරන බල්ලෝ, නොපෙනෙන බලවේගයකට උඩු බුරන්නේ මහා විපතක පෙර නිමිත්තකට කියලා අපේ ආච්චි කියනවා මට ඇහිලා තියනවා. බල්ලොත් පරිස්සමින් හිටියොත් හොඳයි කෝකටත්...

:       1       0

vidya Sunday, 11 October 2020 02:01 AM

මෙවැනි උවදුරක් ඇතිවුණාම හිනා වෙන්න එපා. පුළුවන් නම් වචනෙකින් හරි කරුණාව දක්වන්න. මොහිදීන් බෙග් ගායනා කළ, අදටත් ඔහුගේ පුත්‍රයා ගායනය කරන ‘‘මිනිසාමයි ලොව දෙවියන් වන්නේ‘‘ කියන ගීතයේ කොපමණ අරුතක් තියෙනවද? දුක දකිනකොට මනසින් මෛත්‍රිය, කරුණාව දක්වන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 418 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site