කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන අමෙරිකාවේ රෝහලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකු අමෙරිකානු රහස් ඔත්තු සේවය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. අමෙරිකාවේ මිසෝරි ප්‍රාන්තයේ පිහිටි රෝහලක් මෙම පුද්ගලයාගේ ඉලක්කට බවට පත්වී තිබුණි.
ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශනයකට අදාළව බෙල්ටන් නගරයේදී මෙම 36 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම සිදුවී ඇත.
මියගිය තැනැත්තා ජාතිවාදී සහ රාජ්‍ය විරෝධී අදහස් ඔස්සේ කටයුතු කළ බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.
තිමොති විල්සන් ලෙස හඳුනාගෙන ඇති ඔහු සම්බන්ධයෙන් මාස කිහිපයක සිට විමර්ශන සිදුකර ඇත.
රෝහලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමට පෙර මොහු කළු ජාතික සිසුන් විශාල පිරිසක් ඉගෙනුම ලබන පාසලකට සහ දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කර තිබූ බව ද හෙළිකර ගෙන තිබේ.
(බීබීසී)
-226-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමෙරික්වේ ජාතිවාදය ඉහලින්ම තියෙනවා. මොහු ත්‍රස්තවධියෙක් උනත්, මෙලෙස වෙඩිතබා මරා දැමීම සම්පුර්ණයෙන්ම මානව හිමිකම් කඩකිරීමක් . මොකද ඒ අවස්ථවේ ඔහු බෝම්බ එල්ලකරලා නැහැ. එතකොට සැකයක් විතරයි තියෙන්නේ. දැන් ලංකාවේ හමුදාව බුද්දි අංශය කරපු වෙඩි තැබීම් එහෙම වැරදියි කියලනේ කියන්නේ ..
ලංකාවේත් ඉන්නවා ඔය ජාතියේ පුද්ගලයින් ප්‍රසිද්ධියේ පම්පෝරි ගසමින්. ඒ අයට දෙන දඩුවම මොකක්ද? ඇමරිකාව මොකද කියන්නේ?
එක්සත් ජනපද පාලකයන්ගේ අවශ්‍යතාවය වූයේ හැකි පමණ විශාල භායනකම ඝාතක අවි නිපදවීම මිස සාමාන්‍ය ජනතාවගේ වෛද්‍ය පහසුකම් සැළැස්වීම, විරැකියාව අඩු කිරීම වැනි ජනහිතකාමී දේවල් කිරීම නොවේ. ඔව්න් එම ප්‍රශ්ණ සියල්ල අමතක කර ලිබියාව, සිරියාව,ඉරාකය, ඉරානය වැනි රටවල් නරකාදී බවට පත් කිරීමට කටයුතු කරා. ශ්‍රී ලංකාව වැනි රටවලට එම රටවල සිටින ද්‍රෝහීන් සමග එක්ව මානව හිමිකම් වාදයක් ඉදිරිපත් කරමින් හිරිහැර කරමින් හා මෙලනියම් චැලෙන්ජ් යයි කියා ගන්නා ව්‍යාපාර මගින් එම රටවල ආර්ථිකයන් ගිල ගැනීමට මාන බලමින් සිටියා. ඔව්න්ගේ ලිබරල් වාදයට රටේ සිටිනා රෝගීන්ට සරලන විදිහට ඇඳන් ප්‍රමාණය වත් දීමට බැරි වෙලා තියෙනවා. නමුත් අපේ රටේ පොඩි පොඩි අඩුපාඩු තිබුනත් බහුතර ජනතාව මානුෂික හිත් ඇත්තන් නිසා මෙම ප්‍රශ්ණයට සාර්ථකව මුහුණ දී තිබෙනවා.