කොරෝනා ආසාදිත මරණ 29 341ක් වාර්තා කරමින් මේ වනවිට බ්‍රසීලය ලොව සිව්වන ස්ථානයට පත්ව තිබේ.
බ්‍රසීලය ප්‍රංශය ද ඉක්මවා ගොස් ඇති අතර බ්‍රසීලයට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඉතාලිය පමණි.
එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මරණ සංඛ්‍යාව දිනකට 1 000කින් පමණ ඉහල යන බවයි.
පසුගිය පැය 24 තුළ නව මරණ 956ක් සිදුව තිබේ.
බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව සෑම සති දෙකකට වරක් දෙගුණ වේ.
ලෝකයේ දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද බ්‍රසීලයෙනි.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ගනනය කිරීම් වලට අනුව බ්‍රසීලයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 514 992ක් තහවුරු වී තිබේ.
එය දෙවැනි වන්නේ මිලියන 1.77ක ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින ඇමරිකා එක්සත් ජනපදයට පමණි.
කෙසේ වුවද බ්‍රසීලයේ සත්‍ය ආසාදන සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහල අගයක් විය යුතු බවට ද විශේෂඥයින් අනතුරු අඟවා ඇත.
ආසාදන සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව කෙතරම් ඉහල ගියද බ්‍රසීල ජනාධිපති ජයා බොල්සනාරෝ අගුලු දැමීම් ඇතුළු සමාජ දුරස්ථ රීතීන් ප්‍රතික්ෂේප කරයි.
ඔහු පවසන්නේ රෝගයෙන් වන හානියට වඩා ආර්ථික අගුලු දැමීම් පුපුරා යෑමෙන් සිදුවන හානිය බලවත් බවයි.
මුහුණු ආවරණ නොපැළඳ සිය ගනන් ආධාරකරුවන් හමුවට යන ජනාධිපතිවරයා බ්‍රසීලයේ පාපන්දු සමය නැවත ආරම්භ කිරීමට පවා ඉල්ලා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා මරණ සංඛ්‍යාවෙන් බ්‍රසීලය ලොව සිව්වන ස්ථානයට