(නාලක සංජීව දහනායක)
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්‍ෂ නායකයන් හා නියෝජිතයන් ඇතුළත් වන පරිදි කොරෝනා මර්දනය සඳහා ජාතික වැඩපිළිවෙලක් සැකසීම වඩාත් සුදුසු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (24) පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.
මේ මොහොතේදී පාර්ලිමේන්තුව රැස්කරනවා වෙනුවට ජනතාවට ආදර්ශයක් සපයමින් එවැනි වැඩපිළිවෙලක් සැකසීම වඩාත් සුදුසු බවද පක්‍ෂ නායකයන්ගේ අදහස වී තිබේ.
කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට සිදුවන හානිය පිළිබදව මෙන්ම එම හානිය අවමකර ගැනීම සම්බන්දයෙන් පක්‍ෂ නායකයෝ දීර්ඝව සාකච්ඡා කළහ.
ඒ අනුව ඉදිරියේදී පක්‍ෂ නායකයන් හමුවෙමින් කොරෝනා ව්‍යප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ලබාගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්‍ෂ නායකයන්ගේ හා නියෝජිතයන්ගේ සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
කොරෝනා වයිරසය මර්දනය කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ග අගය කළ පක්‍ෂ නායකයෝ ඒ සඳහා සහය දක්වන බවද පැවසූහ.
සතොස හා සමූපාකාර මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම් සලසා තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා එම යාන්ත්‍රණය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බවද කීය.
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සදහන් කර සිටියේ කොරෝනා වයිරසය මර්දනය කිරීමට රජය ගනු ලබන ක්‍රියාමාර්ග අගය කරන බවය. එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු කීය.
එමෙන්ම ඒකරාශී වීම වැළැක්වීමට ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක කරන අතරේ අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයන්ගේ නිවාඩු තව දුරටත් දීර්ඝ කරන ලෙස ද ඔහු පක්‍ෂ නායක හමුවට යෝජනා කළේය.
හිටපු කතානායක කරූ ජයසූරිය මහතාද රජයේ වැඩපිළිවෙළ අගය කරමින් ආර්ථිකයට වන හානිය අවම කරගනිමින් පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් පුළුල් කරන ලෙස ඉල්ලා සිටියහ.
එමෙන්ම ඇඳිරිනීතිය පවතින විට මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය හා ප්‍රවාහනය සඳහා අවසර නොලැබීම හේතුවෙන් ඇතිව ඇති ගැටළු සම්බන්ධයෙන් පක්‍ෂ නායකයෝ අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
සියළුම පොලිස් ස්ථාන දැනුවත් කරමින් එම ගැටළුව විසඳීමට පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ 225 දෙනා ආයෙත් එකතු කරලා මොනවා කරන්නද? දැනට යම්කිසි ක්‍රම වේදයකට කෙරෙන වැඩ පිළිවෙලත් අවුල් වෙන වැඩක් වගෙයි !
මෙතුමා එක එක වෙලාවට එක එක දේවල් කියනවා - ඊයේ නිවේදනයක් නිකුත් කලා කුමන්ත්‍රණයක් ගැන කියලා! දැන් සියලුම දෙනා එක්වෙලා ජාතික වැඩ පිලිවෙලක් හදමුලු! - එතකොට, අගමැතිතුමා දැන් තියෙන්නේ ජාතික වැඩ පිලිවෙලක් නෙවෙයිද? රට වැසියෙකු ලෙස මා දකින්නේ දේශපාලකයෝ මේ වැඩෙන් අයින් වෙන තරමටම මෙය සාර්ථක වෙවි!!!. අතිතයේ ව්‍යවසනවලදි දේශපාලකයෝ එක්කහු වෙලා කරපු "ජාතික වැඩ පිලිවෙල" ගැන අපට බොහෝ අත්දැකිම් තියෙනවා නේද! ඔබතුමා නිහඩව සිටිමෙන් මේ දැන් තිබෙන වැඩ පිළිවෙල තවත් ශක්තිමත් වෙයි!
ජාතියේ වාසනාවට රට පාලනයට රජෙක් ලැබුනා. යහ පාලනය තිබුනානම් දෙපැත්තට අදිනකොට වෙන්න ඕන දේවල් වෙලා. අපට භය ගෝඨාභය රජු නැති වෙයිද කියා ? එසේ නොවේවා !
ඔය 225 ම ස්වයං නිරෝයාධනය වෙලා ගෙදරට වෙලා කරන වැඩ දිහා විතරක් බල ඉන්න කරන වැඩ අවුල් නොකර........ පින් සිද්ධ වෙයි. ඕනෙමනම් හෙන්චයන් සමග කකා බිබී සතුටින් ඉන්න. කර අරින්නත් එපා. උදව් ඕනෙත් නෑ.
දුෂිත දේසපාලුවෝ දන්න දෙයක් නැහැ. ඒ අය බයිලා ගහනවා. සෞඛ්‍යය සේවයේ නිරතව සිටින සියලුම දොස්තරවරුන්‌ගේ, නිලධාරීන්‌ගේ, හෙද හෙදියන්ගේ සේවය සහ කැපවීම අගය කළ යුතුයි.
මහින්ද මහත්තයා නිසා හැමදේම අනික් මිනිස්සුන්ට නිකන් ලැබුනා. දැන් ඔය වගේ කමෙන්ට් දාන්න තරම් කුහක වෙන්න එපා.
ජාතික සහ ජනතා ප්‍රශ්න ගැන දීර්ඝකාලීන පළපුරුද්දක් තියෙන අගමැතිතුමා කොරෝනා වයිරසයට අදාළ වැඩකයුතු ගැන කතා කරන්න පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවීම අගය කරනවා. ජාතික ප්‍රශ්න වලදී විවිධ දේශපාලකයන්ගේ හැසිරීම ගැන අපිට පැහැදීමක් නැති වුනත් දැන් තියෙන්නේ ජාතික ප්‍රශ්නයකට එහා ගිය ජාතික ව්‍යසනයක් නිසා මේ රැස්වීම හුඟක් වැදගත්. කොරෝා මැඩලීම සඳහා ජාතික සැලැස්මක් අවශ්‍යයි. ඒක කරන්න තිබුනේ අර මාස ගානකට ඉස්සෙල්ල හදපු කාර්ය සාධක බලකාය. ඒක නොවුනේ මේ වගේ ජාතික ප්‍රශ්න ගැන ඔවුන්ට අත්දැකීම් හෝ ප්‍රයෝගික දැනුමක් නැති නිසා. දැන් අගමැතිතුමාගේ නායකත්වයෙන් සහ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කමිටුවක් පිහිටුවන්න ඕනේ. මටත් ඕනේ නම් අදහසක් දෙන්න පුළුවන් පස්සේ. කොරෝනා මැඩලන්න එන්නතක් හොයා ගන්නනකල් මේ ප්‍රශ්නේ තියෙනව. ඒ හින්ද ජනතාව, ව්‍යාපාරිකයන්, ආර්ථිකය මේ තුනම ඇතුලත් තීරණ ක්‍රියාත්මක කරන්න පනතක් අවශ්‍යයි. ඒ හින්ද වැදගත්ම දේ තමයි COVID-19 පනත කියල එකක් හදන එක. ඊට පස්සේ කවුරු කැමති වුනත් අකැමති වුනත් පාර්ලිමේන්තුව කැඳවල මේ පනත සම්මත කරගන්න වෙනවා.
එතුමා වැඩේ කරාවී....... ඕක කරන්න මෙච්චර කාලයක් ගියානේ. අද රෝගීන් 100 ට නැගලා.