කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යෑමත් සමඟ වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් හමුදාව යොදවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය.
මේ අවස්ථාවේදී කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැකි සෑම අයුරකින්ම හමුදාව යොදාගත යුතු බව රුසියානු ජනාධිපතිවරයා කීය.
අමාත්‍යවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී හෙතෙම ඒ බව සඳහන් කළේය.
සඳුදා දිනයේදී පමණක් රුසියාවෙන් ආසාදිතයන් 2,558ක් වාර්තා වූ අතර දිනක් ඇතුළත එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන එය විය.
රුසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 21,102ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 170ක් ලෙස දැක්විණි.
ඒ.එෆ්.පී./බී.බී.සී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේක කලින්ම කර හින්දා තමයි අද මෙතන ඉන්නේ... චීනෙත් අද ඔය තැන ඉන්නේ... ඒ තීරණය ගත් එක ක්රියාවේ යොදවපු හැමටම ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි..
එඩිටරයෝ, කීයක් දෙනවද කඩේ යනවට, හීන් නූලෙන් ආණ්ඩුවට මිලිටරි පාලනයකට කඩේ යනවා... ලැජ්ජයි... මිනිස්සු මර්ධනයට උදව් දෙන්න එපා.., පරම්පරාවටම පටිසන් දෙනවා..
හොඳ වෙලාවට රුසියාවේ ජේවීපී යුඑන්පි එන් ජි ඕ නැහැ. හමුදාකරණය කරනවා කියලා කෑගහන්න.
අපේ හීරෝ නම් ...මුල ඉදලම ගේමේ 1ක බාර දීල තිබුනේ අපේ විරෝධාර රණවිරුවන්ට..
මම බැලුවා ඇයි රුසියාවේ කොරෝනා ව්‍යාප්තිය මෙච්චර අඩු කියලා. ස්වභාව ධර්මයට වරදින්න විදිහක් නෑ. රුසියාව අපේ මිතුරු රටක් තමයි. නමුත් පරිසරය විනාශ කරන රටවල් අතරින් ප්‍රධාන රටක්.දෙවැනි රටකට ස්වභාව ධර්මයෙන් සමාවක් ලැබෙන එකක් නෑ.