IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොරෝනා ගැන දැනුම් දෙන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්

(ඉන්දිකා රාමනායක)
කොරෝනා  වයිරසය  නිරෝධායන ට සහය දැක්වීමේ අරමුණින්   එම  සිද්ධීන් දැනුම් දීම සදහා   පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත  කර ඇති බව  නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය  පොලිස්පති   අජිත් රෝහණ මහතා  අද (15) පැවසීය.
 
මේ සදහා    0112-444480/ 0112-444481/  0115-978730/ 0115-978734/  011-5 978720    යන අංක හා    [email protected]  විද්‍යුත්  තැපෑල් ඔස්සේ   මහජනයාට  තොරතුරු ලබා දිය හැකි බවද  අජිත් රෝහණ මහතා පැවසීය.
 
නිවසේ  සිටින පුද්ගලයකුට,  ඥාතියකුට,  හිතවතකුට,  සහෝදරයකුට,  මිතුරකුට මෙම  වෛරසය ආසාධනය වී ඇති බවට සැකකරන්නේ මෙම අංකය ඔස්සේ දැනුම් දිය හැකි අතර,  විදේශ රටත සිට මෙරටට පැමිණි කිසියම් පුද්ගලයකුට මෙම   වෛරසය ආසාදනය වී ඇතිනම්, ඔහුට ද  ඒ බව  මෙම අංක ඔස්සේ  දැනුම් දිය හැකි බවද    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.
 
  කිසියම් පුද්ගලයකු ට    මෙම රෝගය වැලදී  ඔහු එය වසංකර මහජනයා අතර   පැමිණීමට උත්සහ ගන්නේනම්  ඒ බවද  ඉහත අංක ඔස්සේ  දැනුම් දිය හැකි බවද හෙතෙම කියා සිටියේය.
 
කිසියම් පුද්ගගයකුට මෙම රෝගය වැළ දී ඇත්නම්   අන්අය අතරේ පැතිරීමට  ඉඩ නොදී එම පුද්ගලයා  මාර්ගයට හෝ  නොපැමිණ  මෙම අංක වලට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටින බවද  අජිත් රෝහණ මහතා සදහන් කළේය.   
 
මෙම තොරතුරු  සම්බන්ධයෙන් ක්‍රීයා කිරීමට සෑම පොලිස් ස්ථානයක  හත් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක්  යෙදවා ඇති බවද   අජිත් රෝහණ  මහතා කියා සිටියේය.
 
කිසියම් පුද්ගලයකු  ලබා දුන්  තොරතුරු අනුව  පොලිස්  කණ්ඩායම   සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව  අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවද හෙතෙම කියා සිටියේය.
 
මෙම දුරකතන අංක  වලට අමතරව  119 අංකයට  ද දැනුම් දිය හැකි නමුදු  ඉහත විශේෂ මෙහෙයුම් මැදිරියට      දැනුම් දීමෙන්  ක්ෂණිකවම    ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන බවද  හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
 
 නියෝජ්‍ය පොලිස්පති ආජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ   පොලිස් මුලස්ථානයේ ඊයේ  පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට   පොලිස් මාධ්‍ය ප්‍රකාශක   පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා ද සහභාගි  විය.



අදහස් (0)

කොරෝනා ගැන දැනුම් දෙන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 857 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site