(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් මර්දනය සඳහා ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරන මොල්නුපිරවියා (molnupiravir) නමැති ඖෂධීය කරල මෙරට භාවිතයට යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු සලකා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
ඊට අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
මර්ක් නමැති ඖෂධිය නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කරන මෙම ඖෂධය යොදා ගැනීමට ලෝකයේ රටවල් ගණනාවක් අවධානය යොමුකර ඇති බවත් මෙම ඖෂධය යොදා ගැනීමට හැකියාව ඇත්දැයි විශේෂඥ කමිටුවේ අදහස් විමසා දැනුම් දෙන්නයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට දැන්වූ බවත් ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
එම ඖෂධ ගෙන එන්නේ නම් ඒවා ගෙන ආ යුත්තේ මොන දිනවලද මොන ප්‍රමාණ වලින්ද යන්න දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කළ බවද ඔහු පැවසූවේය.
මෙම ඖෂධ කරල දැනට පරීක්ෂණ මට්ටමේ පවතින නමුත් විශේෂඥයින් පවසන්නේ එහි මූලික ප්‍රතිඵල සාර්ථක බව යැයි සෞඛ්‍ය අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මාෆියාවක්... ප්‍රවේසම් වෙන්න.
හොඳ තීරණයක්. සෑම අතකින්ම උත්සාහ කිරීම අවශ්‍යයි. ගෙදර ඉන්න කොට වැඩ කෙරෙන්නේ බාගෙට. රට දුවන්නෙ ආපස්සට. දැන් කට්ටිය ආයෙත් පාටි දානවා. මැරෙන කොට රට වහනවා. ඊට පස්සෙ බඩු ගනන් යනවා. එතකොට ආන්ඩුවට බනිනවා.
තියෙන මොන කරලක් හරි ගෙනල්ලා මරණ අඩුකරගන්නවනම් නේද හොඳ, ඕකට අරයගෙ මෙයාගේ අනුමැතිය ගන්න දින ගනින්න ඕනැද.?
මර්ක්ගේ 'මෝල්නුපිරවිර්' තවමත් එෆ්.ඩී විසින් අනුමත කර නොමැත.
බූස්ටර් මාත්‍රාවන් සඳහා සැපයුම්කරුවන් ද !
මුන්ට ඕනා විෂ කොරෝනා එන්නත් ගෙන්වලා කොමිස් ගහගන්න .