(අජිත්ලාල් ශාන්තඋදය)
කොරෝනා වයිරසය හඳුනාගැනීමට වෛද්‍ය පර්යේෂණ සඳහා අත්‍යවශ්‍ය නවීන පීසීආර් යන්ත‍්‍රයක් රත්නපුර ශීක්‍ෂණ රෝහලේ ස්ථාපිත කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු මහතා පවසයි.
කොරෝනා රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරිමට රත්නපුර මහ රෝහලේ ඇඳන් 24කින් සමන්විත වාට්ටුවක් මේ වන විට වෙන්කර ඇත. රත්නපුර ප‍්‍රදේශයෙන් මේ වනවිට කොරෝනා බවට සැකකරන රෝගීන් තිදෙනෙක් හමුවී තිබේ. ඔවුන් දැනට අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
රත්නපුර ශික්‍ෂණ රෝහලේ ස්ථාපිත කළ පීසීආර් යන්ත‍්‍රය ක‍්‍රියාකරවීමට අවශ්‍ය පුහුණුව ලබාදීම සඳහා නිලධාරීන් පිරිසක් රාගම රෝහලට යවා ඇති බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා කීවේය. පුහුණව නිම කර පැමිණි පසු ඉදිරි දින දෙකතුළ රත්නපුර ශීක්‍ෂණ රෝහලේ දී කෝවිඞ් 19 වෛරසය අඩංගු රෝගීන් හඳුනා ගැනීමේ පරීක්‍ෂණ සිදුකළ හැකි බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා අවධාරණය කළේය.
මෙම යන්ත‍්‍රය භාවිතයට ගැනීමෙන් පසු යම් පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත බවට හදුනාගැනීමට ඔහුගේ පටල සාම්පල කොළඹට යැවීමට අවශ්‍ය නොවන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා රෝග මර්දන කමිටුවට ද දැනුම් දුන්නේය.
කෝවිඞ් 19 වෛරසය ආසාදිත බවට සැකකරන රෝගියෙකුගේ පටල සාම්පල පැයක් හයක් වැනි කෙටි කාලයක් තුල පරීක්‍ෂා කර තහවුරු කර ගැනීමට රත්නපුර රෝහලේ ස්ථාපිත කළ පීසීආර් යන්ත‍්‍රයෙන් හැකියාව ලැබෙන බවද රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු මහතා අවධාරණය කළේය.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
888
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝන ආසාදියින් හඳුනාගන්න රත්නපුර රෝහලට නව පී සී ආර් යන්ත්රයක්